Colombo Today Local NewsWorld

මානව හිමිකම් කවුන්සිලය දේශපාලන අශූචි වළක් – ඇමරිකාව UN මානව හිමිකම් කොමිසම කුඩුපට්ටම් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිගු කලක් තිස්සේ මානව හිමිකම් අවභාවිත කරන්නන්ගේ ආරක්‍ෂකයකු සහ දේශපාලන පක්‍ෂපාතීත්වයේ අසූචි වළක් බවට පත්වෙමින් ඇතැයි මානව හිමිකම් කොමිසමේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත නිකී හේලී ප්‍රකාශ කරයි.

හේලී මහත්මිය මෙසේ කීවේ ඇමෙරිකාව එම කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත් වන බවට කළ දැනුම්දීමෙන් පසුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

අමානුෂික රාජ්‍යයන් නිරීක්‍ෂණයෙන් බැහැර කර කවුන්සිලය දේශපාලනීකරණය වෙලායි චෝදනාවක්ද කළ හේලී මහත්මිය මානව හිමිකම් විහිළුවකට ගන්නා කුහක හා ස්වාර්ථය තකන සංවිධානයක පාර්ශ්වයක් වීමට සූදානම් නැති නිසා මේ පියවර ගත් බව පැවැසුවාය.

එ.ජා. ගේ මානව හිමිකම් කොමිසමේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත නිකී හේලීගේ ප්‍රකාශය මෙසේය.

වසරකට කලින් මා ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය වෙත ආවා. එම අවස්ථාවේදී මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමෙරිකාව හඳුනාගත් ප්‍රමුඛතා ලැයිස්තුවක් ඉදිරිපත් කළා. අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකළහොත් මානව හිමිකම් කොමිසමේ පාර්ශ්වකරුවන් ලෙස තවදුරටත් සිටීම ඇමෙරිකාවේ බලාපොරොත්තුව බව මා ප්‍රකාශ කළා. මානව හිමිකම් සඳහා වැදගත් උපදේශනයක් ලබාදීම පිණිස කවුන්සිලයට මෙම ප්‍රතිසංස්කරණ වැදගත් වෙනවා. මානව හිමිකම් කවුන්සිලය දිගු කලක් තිස්සේ මානව හිමිකම් අවභාවිත කරන්නන්ගේ ආරක්‍ෂකයකු සහ දේශපාලන පක්‍ෂපාතීත්වයේ අසූචි වළක් වෙලා.

කනගාටුදායකයි, දැන් පැහැදිලිව පෙනෙනවා ප්‍රතිසංස්කරණ සඳහා අප කළ ඉල්ලීමට ඇහුම්කන්දී නැති බව. මානව හිමිකම් අවභාවිත කරන්නන්ට දිගටම සැලකුම් කරන අතර, කවුන්සිලයට ඡන්දයෙන් පත්කර ගන්නත් යනවා. ලෝකයේ අතිශය අමානුෂික රාජ්‍යයන් නිරීක්‍ෂණයෙන් බැහැර කරලා. කවුන්සිලය දේශපාලනීකරණය වෙලා. ධනාත්මක මානව හිමිකම් වාර්තා ඇති රටවල් බිල්ලට ගන්නවා මානව හිමිකම් අවභාවිත කරන්නන් රැක ගැනීමේ අදහසින්.

එනිසා කිසියම් ප්‍රගතියක් දක්නට නොලැබුණොත් වසරකට පෙර කරනවා කී දේ අප සිදුකරනවා. ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයෙන් නිල වශයෙන් ඉවත් වෙනවා. එසේ කිරීමෙන් මානව හිමිකම් කැපකිරීම් සඳහා පසුබැස්මක් නොවන බව හොඳින් පැහදිලි කිරීම අවශ්‍යයි. අපි මේ පියවර ගන්නේ මානව හිමිකම් විහිළුවකට ගන්නා කුහක හා ස්වාර්ථය තකන සංවිධානයක පාර්ශ්වයක් වීමට අප සූදානම් නැත නිසයි.

මේ තීරණය ගන්න අපට පහසු වුණේ නෑ. මාස 17කට පෙර මේ පරිපාලනයේ වැඩ ඇරැඹූ විට අපට අවබෝධ වුණා මානව හිමිකම් කවුන්සිලයේ විශාල කඩාවැටීමක් සිදුවන බව. අපට වහාම ඉවත් වෙන්න පුළුවන්කම තිබුණා. ඒත් අපි එහෙම කළේ නෑ.

ඒ වෙනුවට අපි අවංක උත්සාහයක් ගත්තා ප්‍රශ්න විසඳන්න. අප රටවල් රැසක තානාපතිවරුන්ව ජිනීවාහිදී හමුවුණා. පසුගිය සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය අමතා ට්‍රම්ප් ජනාධිපතිවරයා කළ කතාවේදී මානව හිමිකම් කොමිසම ප්‍රතිසංස්කරණය කරන්න සාමාජික රටවල උදවු ඔහු ඉල්ලා සිටියා. පසුගිය වසරේ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වූ සති කිහිපයකදී බි්‍රතාන්‍ය සහ ඕලන්දයේ විදේශ ඇමැතිවරුන් ඇතුළු රටවල් හතළිහක් සමඟ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රතිසංස්කරණ ගැන අප සැසිවාර පැවැත්වූවා.
මේ වසරේත්, නිව්යෝර්ක් නුවරදී ඒ උත්සාහයම ගත්තා. මගේ කණ්ඩායම සාමාජික රටවල් 125කට වැඩි ගණනක් හමුවී කෙටුම්පත් හුවමාරු කරගත්තා. අප හමුවූ බොහෝ රටවල් ප්‍රතිපත්තිමය වශයෙන් අප සමඟ එකඟ වුණා. රහසිගතව මානව හිමිකම් කොමිසමට ප්‍රධාන ක්‍රමවේදමය වෙනසක් අවශ්‍ය බවට. ඒත් වෙනත් කිසිම රටකට අපේ සටන සමඟ එකතු වෙන්න ධෛර්යයක් නෑ.

ඒ අතර, කවුන්සිලයේ තත්ත්වය වඩා නරක අතට හැරුණා. අපේ එක කේන්ද්‍රීය ඉලක්කයක් තමයි ලෝකයේ දරුණු මානව හිමිකම් උල්ලංඝනයන් තියෙන රටවලට මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වය ලබාගැනීම වැළැක්වීම. නමුත් මොකක්ද වුණේ? පසුගිය අවුරුද්දේදී කොංගෝව සාමාජිකයකු ලෙස තේරී පත්වුණා. කොංගෝව ලෝකයේ නරකම මානව හිමිකම් වාර්තා ඇති රටක් ලෙස පුළුල්ව පිළිගන්නවා. කොංගෝව සාමාජිකත්වය ලබද්දී පවා එරටින් සමූහ මිනී වළවල් සොයාගනිමින් තිබුණා.

අපේ තවත් ඉලක්කයක් වුණේ ලෝකයේ දරුණු මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් කවුන්සිලය මඟින් ආරක්ෂා කිරීම නැවතීමයි. නමුත් මොකක්ද වුණේ. වෙනිසියුලාවේ මානව හිමිකම් තත්ත්වය ගැන කවුන්සිලය රැස්වීමක්වත් පැවැත්වූයේ නෑ. ඇයි? වෙනිසියුලාව මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයෙක් නිසා. ඒ වගේමයි කියුබාව. ඒ වගේමයි චීනය.
ඒ හා සමානවම කවුන්සිලය අපොහොසත් වුණා, තම අදහස් ප්‍රකාශ කිරීම ගැන ඉරාන ආණ්ඩුව ඉකුත් දෙසැම්බරයේ හා ජනවාරියේදී සිය ගණනක් අත්අඩංගුවට ගැනීම ගැන අදහස් දැක්වීමට.

ඊළඟට ඇත්ත වශයෙන්ම සදාකාලිකව ඊශ්‍රායලය කෙරෙහි දක්වන අගතිගාමී පිළිවෙත ඉකුත් වසරේ එය ඇමෙරිකාවට පැහැදිලි වුණා.අපට න්‍යාය පත්‍ර අංක 7 කරගෙන යන්න දුන්නේ නෑ. ඊශ්‍රායලය පැත්තකට දැමූ ආකාරයට වෙනත් රටක් පැත්තකට දාලා නෑ.

ඉකුත් වර්ෂ දෙකේදී මානව හිමිකම් කොමිසම ඊශ්‍රායලයට එරෙහිව යෝජනා 5ක් සම්මත කළා. එය උතුරු කොරියාවට, ඉරාකයට, සිරියාවට සම්මත කළ යෝජනාවල එකකුවටත් වැඩියි. ඊශ්‍රායලය වෙත දක්වන නිම නොවන සතුරුභාවය කවුන්සිලය මානව හිමිකම් සඳහා නොව දේශපාලනිකව අගතිගාමීව ක්‍රියාත්මක වන බව පැහැදිලි සාක්කියක්.

Mawubima

Related posts

ඉන්දියාවේන් එන අයට කටුනායක දොරත් වැසෙයි

colombotoday

අලිවැට සංරක්ෂණයට නිලධාරීන් 4,500ක්

Admin

උඩුවේ හිමි නිදහස් කිරීමට නීතිපති එරෙහි වෙයි… තීන්දුවට එරෙහිව ඇපෑලක්…

colombotoday

දිවයින පුරා ගෑස් බෙදා හැරීම අද

colombotoday

බූස්ටර් එන්නත ලබා දීම අවසන් කිරීමට සූදානමක්

colombotoday

යාත්‍රාවක් පෙරලී ළමුන් 8ක් ජිවිතක්ෂයට

colombotoday