Colombo Today Local News

දිවයින පුරා ගෑස් බෙදා හැරීම අද

දිවයින පුරා ප්‍රදේශවලට ගෑස් බෙදා හැරීමේ කටයුතු අද සිදුකරන බව ලිට්රෝ සමාගම පවසයි.

එම සමාගම සඳහන් කරන්නේ දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000ක් පමණ වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුල පවතින ගෑස් හිඟ තත්වය ක්‍රමයෙන් පහව යනු ඇති.

කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබූ නෞකාවේ අන්තර්ගත ගෑස් මෙටි්‍රක් ටොන් 3500ක තොගයක ගොඩබෑමේ කටයුතු ඊයේ පස්වරුවේ ආරම්භ කෙරුණා.

ඒ ගෑස් ආනයනය කළ ඕමාන් සමාගමට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 8ක මුදල ගෙවීමට රජය පියවර ගැනීමත් සමගයි.

Related posts

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට | සීමාවන්ට යටත්ව බස් සහ දුම්රිය ධාවනය යළිත්..

colombotoday

තවුහිද් ජමාත් ශාඛාවක් ආරම්භ කළ අබ්දුල් අන්තවාදය පතුරවමින් නිදැල්ලේ.. හිටපු අමාත්‍යවරයෙකු කල හැංගිමුත්තන් ඥානසාර හිමි හෙළි කරයි

colombotoday

ඔන්ලයින් ක්‍රමයට උප්පැන්න, මරණ සහ විවාහ සහතික නිකුත් කිරීම ඇරඹේ

colombotoday

හෙට සිට ජනතාවට නෙලුම් කුළුණ විවෘතයි

colombotoday

ත්‍රිරෝද රථයක් තුළ බිලිඳියක් අතහැර දමා ගිහින්

Admin

අද ඩොලරය රු.299යි

colombotoday