Colombo Today Local News

ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර… නැවතුණු දුම්රිය යළි ධාවනය…

දුම්රිය වෘත්තිය සමිති විසින් අද දහවල් 12 සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ දුම්රිය වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් පරණවිතාන මහතා අද දෙරණට සඳහන් කළේ සිය ඉල්ලීම්වලට අදාළව රජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

වැටුප් විෂමතා ගැටළුවක් මුල්කරමින් දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය ඊයේ(08) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරිමට නියමිතව තිබුනත් දුම්රිය බළධාරීන් ලබා දුන් පොරොන්දුවක් පරදි එය අද(09) දහවල් දක්වා තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

එහි ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා ප්‍රකාශ කළේ අනුමත වැටුප් තලයන්ට අදාල කැබිනට් පත්‍රිකාව අද දිනයේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර විසදුම් ලබා දෙන බවට බලධාරින් සිය සංගමයට පොරොන්දු වූ බවයි.

ඒ අනුව දුම්රිය වෘත්තිය සමිති විසින් අද දහවල් 12 සිට දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණ ද මීට සුළු වේලාවකට පෙර එම තීරණය අත්හිටුවනු ලැබීය.

ඒ සිය වැටුප් තලයන්ට අදාල කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබීම හේතුවෙනි.

Related posts

නාමල් කුමාර අත්අඩංගුවට !

colombotoday

මහාචාර්ය නීලිකා මලවිගේ එන්නත් කමිටුවෙන් ඉවත් වෙයි

colombotoday

සිංහල නමකින් පෙනී සිටිමින් ජාතිවාදය ඇවිලවූ මුස්ලිම් සිසුවා රිමාන්ඩ්

colombotoday

කොරෝනා මරණ භුමිදානය කරන්නම ඕනි. | ගොඩ තර්කවලට මහාචාර්ය මෙත්තිකාගෙන් පිළිතුරු. Video

colombotoday

ශ්‍රීලනිප ඇමති තුනකට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්.. පළමු පියවර ක්‍රියාත්මකයි !

colombotoday

අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday