Colombo Today Local News

මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මකයි – ටිරාන් අලස්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසන්නේ ජාත්‍යන්තරයෙන් බලපෑම් පැමිණියද මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කරන බව යි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රජා පොලිස් කමිටු සාමාජික හමුවට එක් වෙමින් ය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසන්නේ මාස තුනක් ඇතුළත යුක්තිය මෙහෙයුම හරහා රුපියල් මිලියන 8634 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලිස්පතිවරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින්ගේ දේපොළ ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි.

Related posts

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ගෙන් වන්දි ඉල්ලා නඩු 27ක්

colombotoday

colombotoday

“සිංහල ත්‍රස්තවාදීන් නැගිටලා… සියළු මුස්ලිම් අය ත්‍රස්තවාදීන් නෙවෙයි” – රෝසි කියයි

colombotoday

නීති විරෝධී ලෙස කන්ටේනර් අටක් මුදාහරින්න රවීගෙන් රේගුවට නියෝග

colombotoday

මහ කන්නය විනාශයි. ජනවාරි කන්නයටවත් එකම කෘෂි රසායනයක් ගෙන්වන්න අවසරය ලබාදීලා නෑ. – රෝහිණී කවිරත්න

colombotoday

NGO නඩය කුපිත වෙයි.. එක රොත්තට කඩා පනී.. මහා නාහිමිවරුන්ට අභියෝග කරයි (Video)

colombotoday