Colombo Today Local News

නෙළුම් කුළුණ හොදයි අපට පැනල මැරෙන්න – ටිල්වින් සිල්වා කියයි

කහට උගුරක් බීමට නැති මිනිසුන් ඉන්න රටේ කැරකි කැරකි තේ බීමට නෙළුම් කුළුනක් හදන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත් පවසයි.

ඌව පරණගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙසේද කියා සිටියේය.

“අපිට රූපවාහිනියේ විවිධ දේවල් පේනවා. අධිවේගී මාර්ග හැදුවා කියනවා. ගුවන් පාලම් විවෘත කරනවා. නෙළුම් පොකුණු තියනවා. නෙළුම් කුලුනු තියනවා. ඔය නෙළුම් කුලුන ලංකාවේ තියන උසම කුලුන. ඒකේ උඩ හෝටලයක් තියනවාලු. ඒ හෝටලය කරකෙනවලු. කුලුනට නඟලා ඒ හෝටලයට ගිහිල්ලා තේ කෝප්පයක් අරගෙන මෙසේ වාඩි වෙලා ඒක බොන ගමන් එක වටයක් කැරකෙන කොට මුළු කොළඹම බලන්න පුළුවන්. දැන් ඌව පරණගම ඔබට මොකටද මේක. මෙතන මේ කහට කෝප්පයක් බොන්න නැතිව ඉන්න අපිට ඕකට ගිහිල්ලා තේ කෝප්පයක් බොන්න පුළුවන්ද. ඒවා හදන්නේ අපිට නෙවෙයි. මේවා හදන්නේ වෙන පම්පෝරී ගහන වෙන පන්තියකට.

ආණ්ඩුව පම්පෝරි ගහනවා. රටේ සංවර්ධනයක් වුණා කිවුවට අපිට වුණ සංවර්ධනයක් නැහැ. ඔය නෙළුම් කුලුන හොඳයි අපිට පැනලා මැරෙන්න”

Related posts

රතන හිමි, දේශබන්දු, ටිරාන් මන්ත්‍රී ධූරය හොරකම් කළා. බලහත්කාරයෙන් අත්සන් ගත්තා. මුහුදට දාලා මරන්න හැදුවා. – විශේෂ හෙළිදරව්වක්

colombotoday

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට

colombotoday

දින දෙකට වඩා උණ පවතීනම් වහාම රෝහලට යන්න !

colombotoday

ඉදිරි මහ කන්නයට වගා ණය නිකුත් කිරීම ඇරැඹෙයි

colombotoday

ලබන 25 සිට පළාත් තුළ දුම්රිය ධාවනය ඇරඹෙයි

colombotoday

ඉස්ලාම් බැතිමතෙකුගෙන් ඥාණසාර හිමිට ලිපියක්..

colombotoday