Colombo Today Local News

රෝහලේ යකා නැටූ නි. ඇමති තෙවරප්පෙරුමට එරෙහිව දොස්තර සංගමය අවි අමෝරයි

වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඊයේ දිනයේදී ගලේවෙල රෝහලේදී හැසිරුණු ආකාරය සම්බන්දයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැඩි විරෝධය පළකර තිබෙනවා.

මේ පිළිබදව අනිද්දා පැවැත්වෙන සිය විධායක කමිටු රැස්වීමේදී තීරණයක් ගන්නා බව එම සංගමය කියා සිටී.

මාර්ගයේ හදිසි අනතුරු සිදුවීමෙන් පසු ක්‍රියාකරන්නේ කෙසේදැයි යන්න ආපදා කළමණාකරණ අමාත්‍යාංශය වීසින් ගලේවෙල නගරේ ඊයේ පෙරහුරුවක් සංවිධානය කර තිබිණි. ගලේවෙල රෝහල් කාර්ය මණ්ඩලයට එම අවස්ථාවට එක්ව තිබිණි.

වෙනත් ගමනක් යන අතරතුර එම ස්ථානයට පැමිණි පාලිත තෙවරප්පෙරුම අමාත්‍යවරයා එම පෙරහුරුවට විරෝධය දක්වමින් එහි සිටි නිලධාරීන්ට බැණ වැදී තිබෙනවා.

අනතුරුව ගලේවෙල රෝහලට ගිය අමාත්‍යවරයා රෝහල් කාර්යමණ්ඩලයට ද අසභ්‍ය ලෙස බැණ වැදී තිබෙන බවයි පැවසෙන්නේ.

Related posts

“නාකි වී හැරමිටියෙන් යද්දී දේශපාලනය කිරීම කැත වැඩක්” – චන්ද්‍රිකා

colombotoday

රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී වූ ආන්දෝලනාත්මක මරණ ගැන වාර්තාව සෞඛ්‍ය ඇමතිට

Admin

ඉන්දියානු විශ්ව විද්‍යාලයක් ලංකාවට එයි.. යෝජනාව කැබිනට් අනුමැතියට !

colombotoday

ජනපති ලේකම් ඉල්ලා අස්වෙයි !

colombotoday

නැප්තා නැතිව කැලණිතිස්ස ඇනහිටී

Admin

ඉන්දියාවෙත් තහනම් කළ කුඩා මෝටර් රථයක් මෙරට අලෙවියට රජය අවසර දෙයි…

colombotoday