Colombo Today Local News

මෛත්‍රී-රනිල් පාලනයෙන් රට නැවතත් කාලිංග-මාඝ යුගයකට

යහපාලන ආණ්ඩුව විසින් රට තුළ කාලිංග මාඝ පන්නයේ සංහාරයක් ආරම්භකොට ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බෞද්ධ භික්ෂුන් වහන්සේලා සමග රාජගිරියේ පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

අපි පක්ෂයක් විදියට සියළුම ආගම් වලට එක වගේ ගරු කරන පිරිසක් ඒ වගේම ඒ සියළු ජාති ආගම් වල පවතින විවිධත්වයට, විශ්වාසය හා ඇදහිලි වලට ගරු කරන පක්ෂයක් බව මුලින්ම කියන්න අවශ්‍යයි. නමුත් අද අමුතු ප්‍රවනතාවයක් රට තුළ පැන නැගෙමින් තිබෙන බව අපිට දක්නට ලැබෙනවා. ඒ තමයි මේ බෞද්ධ ජනතාවගේ වෙහෙර විහාර කඩා බිද දමන එහෙම නැත්නම් විහාරස්ථාන වලට බලෙන් ඇතුල් වෙලා ඒවගේ අයිතිය හා පිහිටීම ගැන ප්‍රශ්න කරන අසංකෘතික සංස්කෘතියක ප්‍රවණතාවයක් ඇතිවී තිබීම. මේ පිලිබදව මේ ආණ්ඩුව දක්වන්නේ ඉතාම ඇල් මැරුණු දෙබිඩි පිළිවෙතක් බව කියන්න කැමතියි.

තවදුරටත් අදහස් දැක්වු මහ ලේකම් වරයා……..

එක තැනක නොවෙයි පසුගිය කාලය පුරාවට අපි දැක්කා ලංකාවේ බොහෝ තැන් වල රටක් විදිහට අපිට ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ස්ථාන. ඒ වගේම බෞද්ධ වෙහෙර විහාර කඩා බිද දමා ඇති බවට චෝදනා එල්ල වුනා. වෙනදා මේ දේවල් වුනේ හොරාට අද එලිපිටම මේ දේවල් වෙන්න පටන් අරන්. ආසන්න සිදුවීම තමයි දුටුගැමුණු රජතුමාගේ අවසාන සංග්‍රාම භූමිය වුණු අනුරාධපුර විජිතපුර බළකොටුව ප්‍රදේශයේ බැලුම්ගල කියන ස්ථානය නිවාස ව්‍යාපෘතියක් මුවාවෙන් බුල්ඩෝසර් යොදා විනාශකොට තිබීම. අපි අහනවා ආණ්ඩුවෙන් කොහොමද මේ දේවල් මේ විදිහට වෙන්නේ අනුරපුරය පිළිබදව දන්නා කුඩා ළමයෙක් වුනත් දන්නවා අනුරාධපුරය කියන්නේ පුරාවිද්‍යාත්මක නගරයක් සාමාන්‍ය ගොවි මහත්තයෙක් උදැල්ලක් පොලවට ගැහුවත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් යමක් උදැල්ලේ ගැටෙන තරමට ඒ භූමිය ඓතිහාසිකයි. ඒ නිසා ආණ්ඩුවට හා මේ ව්‍යාපෘතිය භාර ඇමතිවරුන්ට හා නිලධාරීන්ට මේ ප්‍රශ්ණයට පපඩම් උත්තර දෙන්න අයිතියක් නැහැ.

අපි මාධ්‍ය තුලින් දැක්කා පසුගිය දවස් ටිකේ දෙමළ ජාතික සන්ධානය නටපු නාඩගම් සුමන්දිරන් කරපු ප්‍රකාශ උතුරු නැගෙනහිර බෞද්ධ පන්සල් හදන්න ඉඩ දෙන්නේ නැහැ කියල කරපු ප්‍රකාශ මේ දේවල් එකකට එකක් බොහෝ දුරට සමාන වෙනවා.

රටේ ඉතිහාසය වෙනස් කරන්න රටේ ජාතික උරුමයන් වනසන්න තාවකාලිකව පත්වෙන ආණ්ඩු වලට අයිතියක් නැහැ. ආණ්ඩු එනව යනවා රාජ්‍ය කියනදේ ස්ථාවරයි. ඒ නිසා රාජ්‍ය සතු ස්ථාවර භාවය විනාශ කරන්න ආණ්ඩු වලට ව්‍යාපෘති හදන්න බැහැ. මේ රටේ ඉතිහාසය විකෘති කරන්න, ඒවා විනාශ කරන්න අවශ්‍ය කණ්ඩායම් රට තුල වේගයෙන් ක්‍රියාත්මක වන බව පේන්න තියෙනවා. මේ විනාශය නතර කරන්න ආණ්ඩුව කටයුතු නොකලොත් මීට සම්බන්ධ සියළුදෙනා නීතිය ඉදිරියට ගේන්න අපි පක්ෂයක් විදියට නුදුරේදීම කටයුතු කරනවා යනුවෙන්ද ගුණරත්න මහතා එහිදී සදහන් කලේය.

විශේෂයෙන්ම අපි යහපාලන ආණ්ඩුවට අවධාරණය කරනවා පුරාවිද්‍යාත්මක දේ වගේම ජාතික උරුමයන් කියන දේවල් රටක් එක ආගමකට එක ජාතියකට අයිති දේවල් නොවෙයි. මේ රටේ ඉතිහාසය. ඒ නිසා ආණ්ඩුව මේ පෙන්වමින් ඉන්නේ ආණ්ඩුව රටට හා සමස්ථ ඉතිහාසයට ද්‍රෝහි විමේ ලක්ෂණ. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා නැවත කාලිංග මාඝ යුගයකට රට අරන් යන්න හදන්න එපා කියලා. අද වෙනකොටත් මේ ආණ්ඩුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා බෙදුම්වාදී උවමනා ඉටුකරමින් ඉන්න බව අපිට පේන්න තියෙනවා. ඒ සදහා අවශ්‍ය ඓතිහාසික පරිසරය නිර්මාණය කර ගැනීමට නම් මේ බුල්ඩෝසර් දමා රටේ ඉතිහාසය සමතලා කරලා කරන්න හදන්නේ ඒක ආණ්ඩුව ලොකු වරද්දා ගැනීමකට අත වැනීමක් කියලත් අපි අවධාරණය කරන්න කැමතියි යනුවෙන්ද එහිදී සදහන් කලේය. මෙහිදී බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් වාර්තා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා මැදිහත් වීමක් කරන්නැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න මහතාට ආරාධනාවක්ද කලේය.

මාධ්‍ය ඒකකය – එක්සත් ජාතික නිදහස් පෙරමුණ

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

සුහදශීලී රාජ්‍ය සේවයක් ලබා දෙන්න මාර්ගෝපදේශ මාලාවක්

Admin

ඡන්දය ඉල්ලා ඒකාබද්ධය විරෝධයේ.. පොලීසියෙන් කදුළු ගෑස්, ජල ප්‍රහාර !

colombotoday

අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනාහිමියෝ අපවත් වෙති

colombotoday

ඉන්දීය භාණ්ඩ කන්ටේනර් 1,237 ක් නිදහස් කරන්න සියල්ල සූදානම්

colombotoday