Colombo Today Local News

තායිවානයට බලපෑ ප්‍රබලතම භූකම්පනය

විදෙස් වාර්තා පවසන්නේ තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති බව යි.

වසර 25කට පසුව එරටට බලපෑ ප්‍රබලතම භූකම්පනය මෙය වන අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස මුදාගැනීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

තායිවාන භූ කම්පනයේ අපිකේන්ද්‍රය සටහන් වූයේ එරට නැගෙනහිර වෙරළබඩ හුවාලියෑන් නගරයට කිලෝමීටර් 18ක් පමණ දුරින් පැසිෆික් සාගරයේය.

රික්ටර් මාපකයේ ඒකක 7.4ක් සටහන් වූ භූ කම්පනයෙන් තායිපේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ලවුණි.

ගොඩනැගිලි 100කට පමණ හානි සිදුවී ඇති අතර, සුන්බුන් මැද සිරවූ 130ක පමණ පිරිසක් මුදාගැනීම සඳහා මෙහෙයුම් දියත් කර තිබේ.

ඉන් 80ක් පමණ කඳුකර උමං මාර්ගවල සිරවී සිටින අතර, ඒ අතරට විදේශිකයින්ද අයත් ය.

භූ කම්පනයත් සමග තායිවානයේ කඳුකර කලාපවල නායයාම් ද සිදුවුණි.

මියගිය පිරිසෙන් සිව්දෙනෙකු මියගියේ මෙම කලාපයක කඳුනගිමින් සිටියදීය.

ප්‍රධාන භූ කම්පනයෙන් පසුව එම කලාපයට රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුතු පසු කම්පනයක් ඇතුළු කම්පන 100ක් පමණ බලපා තිබුණි.

බලධාරීන් පුරෝකථනය කරන්නේ, ඉදිරි දින කිහිපය තුළ රික්ටර් මාපකයේ ඒකක 7 ඉක්මවූ පසු කම්පන සිදුවිය හැකි බවය.

භූ කම්පනයත් සමඟ තායිවානයට, අසල්වැසි ජපානයට සහ පිලිපීනයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළත් පසුව ඒවා ඉවත් කර ගැනුණි.

තායිවානයට මීටර් භාගයක උසින් යුතු සුනාමි රළ පැමිණි අතර, ජපානයේ ඔකිනාවා දිස්ත්‍රික්කයට මීටර් 0.3ක උසැති උදම් රළ බලපා තිබුණි.

කෙසේවෙතත් පිලිපීනයට සුනාමි බලපෑමක් එල්ල වූයේ නැත.

1999 දී තායිවානයට බලපෑ ප්‍රබල භූ කම්පනයකින් එරටින් මරණ 2,400 ඉක්මවා සිදුවූ අතර එහිදී ගොඩනැගිලි 5,000 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වුණි.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ තායිවානයේ ප්‍රබලතම ප්‍රතිවාදියා මෙන්ම සමීප අසල්වැසියා වන චීනය ආපදාවේදී ඔවුන්ට සහන සැලසීමේ සූදානමින් පසුවන පුවතක් ද ය.

එහෙත් තායිවානය තවමත් ඊට ප්‍රතිචාර දක්වා නොමැත

Related posts

භික්ෂුවකට ජාතියක් ගැන කතා කරන්න අයිතියක් නෑ – ඇමති රාජිත

colombotoday

“වියදම් ගැන මම බලාගන්නම්.. අපි මේක කරමු බොස්” – ඇලෝසියස්ගේ ගිණුමෙන් මකා දැමුණු පණිවුඩයක් හමුවෙයි

colombotoday

මාලි ත්‍රස්තයන්ගේ බෝම්බ ප්‍රහාරයක් ශ්‍රී ලංකා හමුදාවෝ ව්‍යාර්ත කරති

colombotoday

බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද සිට

colombotoday

සිය වරක්‌ සිරගත කළත් ජාතික වගකීම අත්හරින්නේ නෑ – ගලගොඩඅත්තේ ඥනසාර හිමි

colombotoday

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය රැකගත යුතු ජාතික සම්පතක් වන්නේ ඇයි ?

colombotoday