Colombo Today Local News

ගල්අඟුරු නැවකින් කෝටි 12යි… විදුලි ඒකකයකින් රු. 14යි… ලංකාවේ ලොකුම හොරකම විදුලියෙන් !

අද වනවිට ලංකාවේ ලොකුම හොරකම සිදුවන්නේ විදුලියෙන් බවත් විදුලිය නිපදවීම සඳහා මෙරටට ගෙන්වන එක් ගල්අඟුරු නැවකින් රුපියල් කෝටි 12ක්ද, පාරිභෝගිකයාට ලබාදෙන එක් විදුලි ඒකකයකින් රුපියල් 14ක්ද හොරකම් කරන බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවැසීය.

පසුගියදා මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

විදුලිබල මාෆියාවක් ක්‍රියාත්මක වන බව එහිදී පෙන්වා දුන් ඔහු තවදුරටත් පැවැසුවේ විදුලිබල මණ්ඩලයේ ක්‍රියාවලීන්වලට ආයෝජකයන් ලංකාවට පැමිණියද ඔවුන්ට ආයෝජන සිදු කිරීමට ඉහළ රාජ්‍ය නිලධාරීන් ඉඩ ලබානොදෙන බවයි.

මෙරට ඉහළ රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන වංචා, දූෂණ පිළිබඳව සිවිල් සංවිධාන ලෙස මේ කරුණු දිගින් දිගටම රටට අනාවරණය කළද වගකිවයුත්තන් ඒවාට නිසි පියවර නොගන්නා බවටද ඔහු චෝදනා කළේය.

Related posts

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වෙළෙඳ කුටියේ පීත්ත පටිය කපන්න ලක්ෂ 10ක් වැය කරලා

Admin

ගම්පහ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට

Admin

ව්‍යාජ ඉන්දියානු ගමන් බලපත්‍ර දෙකක් සමග ලාංකික කතුන් 2ක් චෙන්නායි වලදී අත්අඩංගුවට

Admin

”කාර් එකේ කිසි ම සීරීමක් නැහැ. පහරදීමට ආ සිසුන් අයිස් භාවිත කළාදැයි සැකයි” – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න

Admin

පාඨලී චම්පික රණවක ට අධිචෝදනා භාර දෙයි

colombotoday

මහජන සේවය ඉටු නොකිරීම ගැන ජනපති හේතු එපා කියයි

Admin