Colombo Today Local News

ව්‍යාජ ඉන්දියානු ගමන් බලපත්‍ර දෙකක් සමග ලාංකික කතුන් 2ක් චෙන්නායි වලදී අත්අඩංගුවට

ව්‍යාජ ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර දෙකක් ඉදිරිපත් කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ බලධාරීහු ප්‍රකාශ කළහ.

ඔවුන් එම ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කර ඇත. එම ව්‍යාජ බලපත්‍ර වල චෙන්නායි නගරයේ ලිපිනයක් සඳහන් ව තිබූ බවත් එම කාන්තාවන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණීමට සංචාරක වීසා ලබා ගෙන තිබූ බවත් ගුවන් තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

46 හැවිරිදි ගංගා සහ 22 හැවිරිදි සොර්ණකලා නම් මෙම කාන්තාවන් දෙදෙනා වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ සිට සංචාරක වීසා මත චෙන්නායි නගරයට පැමිණ නැවත ශ්‍රී ලංකාව වෙත නොගොස් චෙන්නායි නගරයේ රැඳී සිට ඇතැයි විමර්ශන වලදී අනාවරණය වූ බවත් ඔවුන් තුන්වෙනි පාර්ශ්වයකට මුදල් ගෙවා මෙම ව්‍යාජ ගමන් බලපත්‍ර දෙක ලබාගෙන ඇතැයි ගුවන් තොටුපොළ බලධාරීන් පවසා ඇත.

Related posts

අස්වැසුම අහිමිවූවන්ගේ විරෝධතා හා අභියාචනා භාර ගැනීමට අද සිට විශේෂ කවුළු

Admin

මාලිමාකාරයෝ සතොසට යන්නේ ෆේස්මාස්ක් දාගෙන

Admin

එජාප පසුපෙළ, කණ්ඩායම් රැස්වීම් වර්ජනයක !

colombotoday

සැඟව සිටි නම ගිය අපරාධකරුවක් බෝම්බයකුත් සමග පොලිස් දැලේ

colombotoday

“සිරා දැන් හොරා” මධුමාධව රහස් රැසක් එළියට දමයි !

colombotoday

පසුගිය මාස හතට රාජ්‍ය ණය ප්‍රමාණය කෝටි 87870 කින් ඉහළ නගී

colombotoday