Colombo Today Local News

”කාර් එකේ කිසි ම සීරීමක් නැහැ. පහරදීමට ආ සිසුන් අයිස් භාවිත කළාදැයි සැකයි” – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න

තමන්ටත් පවුලේ සාමාජිකයින්ටත් පහර දී පොදු දේපළවලට හානි කළ විශ්වවිද්‍යාලය සිසුන් අතර අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිත කළ පිරිස් සිටියේ ද යන බලවත් සැකයක් උද්ගතව පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

එම සිසුන්ගේ හැසිරීම අනුව තවත් සුළු ප්‍රමාදයක් වූවා නම් සිසුන් තමන් හා පුතු මරා දමන්නට ඉඩ තිබුණේ යැයි ද ඒ මහතා පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඇති ඒ මහතා පදිංචිව සිටින නිල නිවසේදී ඊයේ (දෙසැ. 12)දින විශේෂ ප්‍රකාශයක් කරමින් මහාචාර්වරයා මේ බව සඳහන් කළේ ය.

තවදුරටත් අදහස් පළ කළ මහාචාර්ය අතුල සේනාරත්න….

“දොර කඩාගෙන ගේ ඇතුළට එන්න තමයි මේ අය උත්සහ කළේ. පුතා කොහොම හරි බේරගෙන ගේ ඇතුළට දැම්මට පස්සේ මායි බිරිඳයි ඇතුළට යාගන්න බැරුව හිරවුණා. පුතාව එළියට දෙන්න කියලා අපි දෙන්නට ගැහුවා. මට කලන්තේ හැදිලා වැටුණා. ඒ අය කතා වුණා මාව අරන් යන්න. මම හිතන්නේ ඒ අය දරුණු ආකාරයෙන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා හිටියේ. එයාලට ඕන වුණේ අපිව මරන්න. පුතාගේ කාර් එක හැප්පිලා කියලා කිව්වට යතුරු පැදිවලට කිසි ම හානියක් වෙලා නැහැ. ඒවට හානි වුණා කියලා තමයි පුතාට ගහලා තියෙන්නේ.

මේ අය පොලු අරන් ආවේ. පුතාට කළ පහර දීම් නිසා එයාගේ ඇහැට ලේ ගිහින්. ගහපු පොලු පාරවල් අතේ තිබෙනවා. මගේ වසර 43ක සේවා කාලය තුළ ළමයෙකු ගෙන් කුණුහරුපයක් තියා සැර පරුෂ වචනයක්වත් මම අහලා නැහැ. ළමයින්ට මම ආදරෙයි. මේ ළමයි මෙච්චර දරුණු වුණේ කොහොම ද කියලා හිතා ගන්න බැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයෙක් මෙතන හිටියා. එයා දැන් ශිෂ්‍යයෙක් නොවෙයි. ආව අයව මම අඳුර ගනිමින් ඉන්නවා. නිල නිවස කියන්නේ රාජ්‍ය දේපළක්. මේක කළ අය අදුර ගන්න මට පුළුවන්. මම ඡායාරූප සියල්ල පොලිසියට දෙනවා. නීතිය හරියට ක්‍රියාත්මක වෙයි කියලා හිතනවා.

ක්ලාන්ත ගතියක් ආවට පස්සේ මාව විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයට අරන් ගිහින් එතනදී රුධිර පීඩනය පරීක්ෂා කරලා පේරාදෙණිය රෝහලට ඇතුළත් කළා.

කාර් එකේ කිසි ම සීරීමක් නැහැ. මේ ආවේගය සිසුන්ට මත්ද්‍රව්‍ය නිසා ආව ද කියලා සැකයි. පේරාදෙණිය වලේ අයිස් මත්ද්‍රව්‍ය පාටියක් තිබිලා ද කියලා හිතන්න හේතු තිබෙනවා. එදා වල ළඟ බයිසිකල් ගොඩක් තිබුණා. දෙසැම්බර් 31 මම විශ්‍රාම යනවා. මේ වගේ රෞද්‍ර හැසිරීමක් මම කවදාවත් දැකලා නැහැ. විශ්වවිද්‍යාල ආරක්ෂිතයි කියලා අපි හිතාගෙන හිටියේ. ශිෂ්‍යයෝ අපිව බලා ගනියි කියලා හිතුවා. ඒත් විශ්වවිද්‍යාල තුළදී මට මරණ බය දැනුනා. දීපිය තොගේ පුතාව කියලා තර්ජනය කළා.

මේ අය හැසිරුණේ ශිෂ්‍යයෝ වගේ නෙවෙයි. පාතාලයේ මැරයො වගෙයි. පුතාටත් මටත් හොඳට ම ගැහුවා. මගේ බිරිඳට වගේ ම සේවිකාවකටත් පහර දුන්නා. සේවිකාව වැඳලා කියලා තියෙනවා ගහන්න එපා කියලා. මේ වගේ දෙයක් කවදාවත් විශ්වවිද්‍යාලයක සිදුවෙලා නෑ. ඉතාමත් අසභ්‍ය වචන කියමින් පහත් අන්දමින් තමයි සිසුන් හැසිරුනේ. පසුගිය කාලේ මේ වගේ භීෂණයක් විශ්වවිද්‍යාලවල තිබුනේ නෑ. මේ සිසුන් අතරින් ඇතමුන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බව මම හිතනවා. පියවි සිහියෙන් ශිෂ්‍යයින්ට කවදාවත් මේ වගේ හැසිරෙන්න බෑ.

විශ්වවිද්‍යාල තුළට ඇවිත් තිබෙන විවිධ පක්ෂ දේශපාලනයත් මේ තත්ත්වයට වග කියන්න ඕනේ. මේ වගේ අයව විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් කළ යුතුයි. කුඩා පිරිසක් ඉන්නවා විභාග නොකර විශ්වවිද්‍යාලවල රැඳිලා ඉන්න උත්සහ කරන. දේශපාලනය කරලා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයෙක් වෙලා ජනතාවට හිරිහැර කරමින් ඉන්න තමයි මේ අයට ඕන. රටේ නීතියට විශ්වවිද්‍යාල යටත් වන දවසට තමයි මේ ප්‍රශ්න විසඳෙන්නේ.”

පසුගිය දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති ආරක්ෂක කමිටු රැස්වීමේදී මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ද කියා සිටියේ විශ්වවිද්‍යාල සිසුන් අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තොරතුරු ලැබී ඇති බව ය.

Related posts

ගාලු මැයි රැළියට මහින්දට ලිඛිතවම ආරාධනා.. දෙකකට යනු බෑ කියා කිරුළපන රැළියට යන්න තීරණය කරයි

colombotoday

මුස්ලිම් කොංග්‍රසයේ සහය අගමැතිට…

colombotoday

බෙදුම්වාදය නැවත නැගී එන බව පේනවා.. විග්නේෂ්වරන්ලා ඉන්න තැන දෙමළ මිනිස්සු නෑ

colombotoday

ගෑස් හිඟයක් නැහැ ලබන සතියෙත් ගෑස් මිල අඩු කරනවා – ලිට්‍රෝ සමාගම

Admin

සෝභිත හිමියන් පැතූ සාධාරණ සමාජය ගොඩ නැගීමට කැපවීම අප සැමගේ යුතුකමකි – ජනපති

colombotoday

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 20ක්

colombotoday