Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඡායාරූප ගැනීමට නිල ඇඳුම් දුන් කොස්තාපල්ගේ වැඩ තහනම්

ඡායාරූප ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට පොලිස් නිල ඇඳුම ලබා දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත් සිකුරාදා (05 වැනිදා) නියෝග කර ඇත.

සැකකරු අදාළ නිල ඇඳුමින් සැරසී සිය මුහුණු පොතේ ඡායාරූපයක් එක් කර ඇත.

මෙලෙස ඇපමත මුදාහැර ඇත්තේ මහරගම පොලිසියට අනුයුක්තව සේවය කරන අලුත්වෙල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකි.

බද්දේගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දු හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු මුහුණු පොතේ පොලිස් නිල ඇඳුමින් සැරසුණු සිය ඡායාරූපය ඇතුළත් කර ඇත. ඒ අනුව විමර්ශන කර චෝදනාවට ලක් වන පොලිස් කොස්තාපල්වරයා ප්‍රකාශයක් ලබා ගැනීමට බද්දේගම පොලිසියට පැමිණි විටදී ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Related posts

මොරටුවේ වෙඩි තැබීමක්

colombotoday

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම ගැන තීරණය අද

Admin

මඩකලපුව සරසවිය ගැන වාර්තාව හෙට කැබිනට් මණ්ඩලයට

colombotoday

ඇමති රාජිතට හෘදයාබාධයක් වැළදී රෝහලේ… සිංගප්පූරු ගෙනියන්න සූදානම්!

colombotoday

අන්තර්ජාල සේවා සමාගම්වල බාල වැඩක් හෙළිවෙයි !

colombotoday

සෞඛ්‍ය අංශය සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවන්න යයි

Admin