Colombo Today Local Newsජනාධිපතිවරණය

පොහොට්ටුවෙන් ආවොත් ගෝඨාභයට සහයෝගය දෙන්නේ නෑ – ශ්‍රිනිප ස්ථාවරය ජනපති කියයි

“පොහොට්ටුව” ලකුණ යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක දූරය හොබවන්නේ පොහොට්ටුව නිසා නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් පක්ෂයේ ලේකම්වරු කතානායකට ලබා දුන් ලිපි නිසා බවත් ජනාධිපතිවරයා මෙහිදී මතක් කර සිටියා.

පොදු ප්‍රතිපත්තියක් සහ පොදු ලකුණක් යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේනම් සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් වුවද පොහොට්ටුවට චන්දය දෙන්නැයි නිදහස් පක්ෂයට ප්‍රකාශ කල නොහැකි බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙහිදී අවධාරණය කර සිටියේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තියට දර්ශනයට හානිවන හෝ පාක්ෂිකයින්ට අනාගතයක් අහිමිවන කිසිදු වැඩපිළිවෙළකට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එළැඹීමට සූදානම් නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කලේ ඊයේ (29) පස්වරුවේ කුරුණෑගල පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ ද නොයෙක් අවස්ථාවල පසුබෑමට ලක්වුව ද පක්ෂය කිසිදා මිය නොගියේ එහි ජනතාවාදී වැඩපිළිවෙළ නිසා බවද ජනපතිවරයා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද දුර්වල වී ඇති බවට කවුරුන් කෙසේ කීව ද ඉදිරි ජනාධිපතිවරයා ලෙස පත්වීමට කුමන අපේක්ෂකයෙකුට වුව ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා ඊළග ජනාධිපතිවරයා පත් වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අනුව බව කිසිවෙකු අමතක නොකළ යුතු බව ද අවධාරණය කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉලක්කය වන්නේ අද තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ඉදිරියේ දී බලතල නැති ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට වඩා බලතල ඇති ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා 2020 දී පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීම බවද ජනපතිවරයා සඳහන් කළේය.

තනිව නොව පෙරමුණු ආණ්ඩුවක් තුළ එම ඉලක්කය ජය ගැනීමට සැලසුම්සහගතව කටයුතු කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා දූෂිත ප‍්‍රභූ පංතියේ එකතුව විසින් විනාශ කර දමා තිබෙන මාතෘ භූමිය නව මගකට යොමු කරමින් දුෂණයෙන් වංචාවෙන් තොර ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් සමාජයක් සහ කිසිදු විදේශ බලවේගයකට ගැති නොවන රටක් ගොඩනැ`ගීමට නව ආණ්ඩුවෙන් කටයුතු කරන බව ද කියා සිටියේ ය.

වත්මන් ආණ්ඩුව තුළ අද පවතින ගැටුම අග‍්‍රාමාත්‍යවරයා හා තමා අතර පවතින පුද්ගලික ගැටුමක් නොව දූෂණයට සහ වංචාවට විරුද්ධව තිබෙන ගැටුමක් මෙන්ම අන්ත දූෂිත නව ලිබරල්වාදී දේශපාලන ප‍්‍රතිපත්තියක් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ ජනතාවාදී දේශපාලන ප‍්‍රතිපත්තිය අතර තිබෙන ගැටුමක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

අග‍්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට තමා කටයුතු කළ ද, ඔවුන් භාරගත් කාර්යය නිසි ලෙස ඉටුකර ගැනීමට ඔවුන්ට නොහැකිවීම තමාගේ ගැටලුවක් නොවන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා අද මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරයේ කටයුතු කරන්නේ ද, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ රැදී සිටින්නේ ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා කථානායකවරයා වෙත ලබාදී ඇති ලිපියෙන් බව ද සිහිපත් කර සිටියේය.

Related posts

අමල් පෙරේරාගේ සහ රයන් වෑන්ගේ නිවස් වටලයි – කොකේන් හිස් කොපු හමුවේ – සොහොයුරෙකු අත්අඩංගුවට

colombotoday

උමාඔය ව්‍යාපෘතියට අනුර දිසානායක ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මෙන්න

colombotoday

බයිබලෙන් ගැහුවේ නෑ. එජාපයේ මඩ ප්‍රචාර ප්‍රතික්ෂේප කරනවා.ජොන්ටන් කියයි

colombotoday

ශ්‍රීලනිපය සමග එක්වුවොත් මහින්දට අපේ සහය නෑ – මුරුත්තෙට්ටුවේ හිමි

colombotoday

සුද්දෙකුගෙන් ලංකාව ගැන විනාඩි හතරක සුපිරි වීඩියෝවක් – Video

colombotoday

එ.ජා.ප.යේ කළු බැටලුවෝ දෙතුන්දෙනෙක් මාව දුරස් කරන්න හැදුවා – රවී

colombotoday