Colombo Today Local News

ශ්‍රීලනිපය සමග එක්වුවොත් මහින්දට අපේ සහය නෑ – මුරුත්තෙට්ටුවේ හිමි

ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය එක්වුවහොත් රාජපක්ෂ මහතාට මහා සංඝයා වහන්සේලාගේ සහාය නොලැබෙන බව මව්බිම සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (28දා) පැවසූහ.

නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පවසා සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

“සෑම අවස්ථාවකදීම හිටපු ජනාධිපතිවරයා සමග සිටිනවා. ශ්‍රීලනිප ඇමතිවරුන් සමග සාකච්ඡා කිරීමේ අදහස වහාම අත්හර දැමිය යුතුයි.මන්ත්‍රීකම් රැක ගැනීමේ ආසාවෙන් සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ශ්‍රීලනිප ඇමතිවරුන් සමග එක්විය යුතු බවට නිතර පවසනවා.

එසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ගේ යෝජනාවලට හසුනොවනු ඇතැයි මහාසංඝයා වහන්සේ විශ්වාස කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ පුද්ගලයා ලෙස එහි වත්මන් නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා හැඳින්විය හැකියි.” යැයි ද පවසා සිටියහ.

(අද)

Related posts

ඇල්ල – වැල්ලවාය මාර්ගයට ගල්පර්වත සමග පස් කන්දක් වැටෙයි

Admin

ජනපතිත් මැතිවරණ නීතී උල්ලඝණයක?

Admin

ඉන්ෆ්ලුවෙන්සා රට පුරා !

colombotoday

ශුක්‍රාණු ආනයන බලපත්‍ර ඉවත් කෙරේ

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල අද සිට විවෘතයි

colombotoday

මිලියන 50ක කේරළ ගංජා තොගයක් කන්කසන්තුරේ වෙරළෙන් මතුවෙයි.

colombotoday