Colombo Today Local News

විරෝධතාකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකියි – මානව හිමිකම් කොමිසම

නුගේගොඩ , මිරිහාන ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වු පුද්ගලයින්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි බව මානව හිමිකම් කොමිසම පවසයි.

ඊයේ රාත්‍රියේ ජනාධිපති නිවස ආසන්නයේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 54 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලීසිය පැවසී ය.

ඔවුන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ මිරිහාන පොලිස් ස්ථානය වෙත පැමිණියහ.

මානව හිමිකම් කොමිසම් සභාවේ, සභාපතිනිය සඳහන් කරන්නේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ මිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කළ නොහැකි බවයි.

Related posts

මාපලගමදි හිමිනමක් ඝාතනය කෙරේ

colombotoday

උද්ඝෝෂණ කරන්න කොළඹින් තැන් දෙකක් වෙන් කරයි

colombotoday

නියමිත දිනට ව්‍යාපෘති අවසන් නොකරන කොන්ත‍්‍රාත් සමාගම්වලට ගෙවීම් නෑ

colombotoday

ෆෙඩරල් ව්‍යවස්ථාව හදන්න මහින්දත් අපිත් එක්ක එකතුවිය යුතුයි…

colombotoday

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක

colombotoday

ඊළාම් ඩයස්පොරා හඩ සිරිකොතෙන් ඇසේ.. හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කරන්නැයි දැඩි බලපෑම් !

colombotoday