Colombo Today Sports News

ක්‍රිකට් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සිව්දෙනෙක් අසමත්

‍ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ක්‍රීඩකයන් සිව්දෙනෙකු සමත් වී නොමැති බව වාර්තා විය.

ඩිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් එම පරීක්ෂණයෙන් අසමත් වී තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නම්කළ සංචිතයේ ක්‍රීඩකයින් 36 දෙනාගෙන් 32 දෙනෙකු එම පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය.

කිලෝමීටර් 02ක දුරක් මිනිත්තු 08යි තත්පර 35ක කාලසීමාවක් තුළ ධාවනයේ යෙදීමට ක්‍රීඩකයින්ට එහිදී ඉලක්කයක් ලබාදී තිබුණි.

කෙසේවුවද යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වු ක්‍රීඩකයින්ට යළිත් අවස්ථාවක් ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේය.

Related posts

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට දසුන් නායකත්වයෙන් ඉවතට?

Admin

ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සිහිනය අවසන් – ඕස්ට්‍රේලියාවට ජය

Admin

මාලිංග කෝටි 4.5 කට විකිණෙයි…

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවල කිසිදු ගැටලුවක් නැතැයි මුරලිදරන්ගෙන් සහතිකයක්.

colombotoday

කැන්ඩි ටස්කර්ස් ඉවතට විසිවෙද්දී ඉදිරියට යන කණ්ඩායම් මෙන්න.

colombotoday

රුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක්

colombotoday