Colombo Today Local News

ජනපති මෛත්‍රී රාජගිරිය ගුවන් පාලම මාදුළුවාවේ සෝභිත හිමි නමිනුත්, මොරගහකන්ද ජලාශය කුලසිංහ නමිනුත් නම් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා විසින් ජනවාරි 08 පෙරවරු 9 ට රාජගිරිය ගුවන් පාලම විවෘත කල අතර මාර්ග තදබදයට විසඳුම් ලබාදීමට බොහෝ කටයුතු සිදුකරන බවත් ඉන් එක් වැඩසටහනක් ලෙස රාජගිරිය ගුවන් පාලම ඉදිකර ජනතා අයිතියට පත්කළ බවත් ජනපතිවරයා එහිදී සඳහන් කළේය.

මිලියන 4700 ක වියදමින් ඉදිකළ මෙම මංතිරු 4 කින් සමන්විත පාළමේ දිග මීටර 354 ක් වන අතර මීටර් 180 ක පිවිසුම් මාර්ගයකින් යුක්තය වන අතර මෙහිදී සිදුවූ විශේෂ සිදුවීමක් නම් රාජගිරිය ගුවන් පාලම පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමි නමින් කරන ලෙසට ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා යෝජනා කරන ලදී.

තවද මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් මහා ජලාශය වන මොරගහකන්ද ව්‍යාපෘතිය අද ජනපති අතින් විවෘත වූ අතර ඒ තුළින් අක්කර ලක්ෂ 3ක් අලූතින් අස්වද්දා පවුල් ලක්ෂ 15කට සෙත සැලසෙන අතර, පවුල් ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය සැපයේ. මේ වන විට සම්පූර්ණයෙන් ජලයෙන් පිරී පවතින ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසක් වන අතර එය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයකි.

මෙගා වොට් 25ක විදුලි බල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන විදුලි බලාගාරයේ කටයුතු ද මේ හා සමගාමීව ආරම්භ කෙරිණි.ජලාශයෙන් අපේක්ෂිත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ධාරිතාව වාර්ෂිකව ටොන් තුන් දහසක් වන අතර එම`ගින් අපේක්ෂිත වාර්ෂික ආදායම රුපියල් මිලියන 225කි. මොරගහකන්ද ජලාශය ආශී්‍රතව වාර්ෂිකව ඇදහැළෙන වර්ෂාපතනය ඝණ මීටර් මිලියන 818 ක් වන අතර එම මහා ජල කද මුහුදට ගලායෑම වළකා ජලාශයේ ර`දවා ගැනීම හේතුවෙන් මනම්පිටිය හා සෝමාවතිය ප්‍රදේශවලට වාර්ෂිකව ඇතිවන ගංවතුර තත්ත්වය අවම කිරීමට ද මෙම ව්‍යාපෘතිය තුළින් හැකියාව ලැබේ.

මීට අමතරව සාලිස් වසරක මහවැළි අසිරිය නිමාකරමින් අද පොල්ගොල්ලේදී පැවති උත්සවයේදී ජනපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් මොරගහකන්ද ජලාශය, ශ්‍රී ලංකා ඉතිහාසයේ සිටි හොඳම ඉංජිනේරුවකු වන A.N.S කුලසිංහ එනම් කොන්ක්‍රීට් කුලසිංහ නම් විරුද්ධාවලියලත් ඒ ශේෂ්ඨ පුද්ගලයාගේ නමින් නම් කරන බවද පවසා සිටියේ, මහා යෝධ සංවර්ධනයේ ගරුත්වය තමන් නතු කරගැනීම අහක තබමිනි.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

Related posts

ධානිෂ් අලී ඇතුළු සිව්දෙනෙකු ලබන 26 තෙක් රිමාන්ඩ්

colombotoday

රාජපක්ෂ පිළිලය තියාගෙන රනිල් නොව බුදුන් වැඩියත් රට ගොඩ ගන්න බෑ

colombotoday

ජවිපෙ ඉටුකරන්න යන්නේ බෙදුම්වාදීන්ගේ වුවමනාවයි. – මුසම්මිල්

colombotoday

හෙරොයින් කිලෝවක් සමග කතක් STF දැලේ

colombotoday

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14 ක ජල කප්පාදුවක්

colombotoday

අද එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක ස්ථාන

colombotoday