Colombo Today Local Newsextremism & terrorism activities

සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ වැඩසටහන් ඉවතට. | ගුවන් විදුලියේ මුස්ලිම් සේවය යලිත් අන්තවාදී ග්‍රහණයට.

පසුගිය කාලය පුරාම ගුවන්විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය තුලින් අන්තවාදය උගන්වන බවට චෝදනා එල්ලවිය. එවන් අවස්ථාවක ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ලෙස විශාරද ජගත් වික්‍රමසිංහ මහතා පත්කිරීමෙන් පසු අන්තවාදීන් විසින් ග්‍රහණයට ගෙන තිබූ මුස්ලිම් සේවය සුද්ධ කිරීමට ඔහු මහත් පරිශ්‍රමයක් දැරීය.
කෙසේ වෙතත් කුමන්ත්‍රණකාරී ලෙස විශාරද ජගත් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට කටයුතු කරන ලදි.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් මුස්ලිම් සේවයට උපදෙස් ලබා දීම සඳහා උපදේශන මණ්ඩලයක් පත් කල අතර ඒ සඳහා පාස්කු කොමිෂන් සභා වාර්තාව විසින් පරීක්ෂණ කල යුතු බවට නම් කර ඇති මුස්ලිම් සේවය තුල අන්තවාදී දේශනා පැවැත්වීමට කටයුතු කල අහමඩ් මුනව්වර් නැමැත්තාද සිටීම විහිලු සහගතය.

කෙසේ වෙතත් යලි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය අන්තවාදීන්ගේ තෝ තැන්නක් බවට පත්වෙමින් පවතී.

ඒ සඳහා මෙවර පෙරමුණ ගෙන ඇත්තේ මුස්ලිම් සලහුදීන් සහ අහමඩ් මුනව්වර් යන දෙදෙනායි. පසුගිය මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් සඳහා බාවිතා කල හෙලිකොප්ටර්වල බිල්පත් ගෙවා දමා ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ හිතවතෙකු ලෙස සැලකෙන මුස්ලිම් සලහුදීන් නැමැත්තායි. මුස්ලිම් සේවයේ උපදේශන මණ්ඩලයට ඔහුව පත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කටයුතු කර ඇත්තේ සලහුදීන් අග්‍රාමාත්‍යවරයාගේ හිතවතෙකු වූ බැවිනි.

අහමඩ් මුනව්වර් මුස්ලිම් සේවයේ අන්තවාදී වැඩසටහන් ප්‍රචාරය කිරීමේ පිටුපස සිටින බවත් ඔහු පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙසටත් පාස්කු කොමිසම නිර්දේශ කර තිබියදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අමනෝඥ තීරණයෙන් මුස්ලිම් සේවයේ උපදේශන මණ්ඩලයට පත්කර ඇත. ඔහු යලි තමාගේ කාර්යභාරය ආරම්භ කර ඇත.

මුස්ලිම් සලහුදීන් සතු අසීමිත ධනස්කන්දය හමුවේ මේ දෙදෙනාට මුස්ලිම් සේවයේ ඩෙගා නැටීමට සම්පුර්ණ සහය ලබා දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යි. ඔහු ද අග්‍රාමාත්‍යවරයාගේ මිතුරෙකු බව කියවේ. මොහුට විරුද්ධව 2015 ට පෙර පැවති රජය යටතේ දුෂිත චෝදනා රැසක් එල්ල විය.

මේ අතර, ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවයේ සම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ වැඩසටහනක් ලෙස පවත්වාගෙන ගිය ඉර්ෆාන් මවුලානා ඉදිරිපත් කල “යා ෆාතිමා” වැඩසටහන උපදේශන මණ්ඩලයේ තීරණයට අනුව නැවත්වීමට සිදුවන බව මුස්ලිම් සේවයේ අධ්‍යක්ෂිකා රෙනෝශියා විසින් පසුගිය දා ඉර්ෆාන් මවුලානාට දන්වා ඇති බව වාර්තා වේ.

විශාරද ජගත් වික්‍රමසිංහ මහතා සභාපති ලෙස කටයුතු කරන සමයේදී සාම්ප්‍රධායික මුස්ලිම් වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම සඳහා පත්කළ රලීම් නැමති මුස්ලිම් සේවයේ සේවකයාට සලහුදීන්, මුනව්වර් සහ චන්ද්‍රපාල තර්ජනය කර ඇති බව ද මුස්ලිම් සේවයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

අප මෙම ක්‍රියාකාරකම් පිළිබඳව හෙළි කරනු ලබන්නේ අග්‍රාමාත්‍යවරයා හෝ ජනමාධ්‍ය අමාත්‍යවරයා අපහසුතාවයට පත්කිරීමට නොවෙයි.
“වර්තමාන ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් වියදම් කිරීම” නමැති එකම හේතුව මත පිහිටා අන්තවාදීන්ට බල්ටි ගැසීමට ඉඩ දීම 69 ලක්ෂයක ජනතා අපේක්ෂාවන් විනාශ කර දැමීමකි.

අගමැතිතුමනි, ජනමාධ්‍ය ඇමතිතුමනි අන්තවාදීන් ඔබලා අසලටම රිංගගෙන සිටියි. ප්‍රවේසමින්…

සබැදි පුවත්…

Related posts

11සහ 12 බැංකු කටයුතු සාමාන්‍ය පරිදි

colombotoday

මැතිසබය විසුරුවන ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රිෙය් !

colombotoday

කරුවලගස්වැව දී වෙඩිතැබීමක්

Admin

පාලිත තෙවරප්පෙරුම පිහියක් අරන් පාර්ලිමේන්තුවේ යකා නැටූ හැටි මෙන්න…

colombotoday

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: ප්‍රකාශයක් ලබා දීමට සංගක්කාර පැමිණේ

colombotoday

ඇමති හිස්බුල්ලා ඇතුළු පිරිස පැහැරගත් කෝටි 9ක් වටිනා ගොඩනැගිලි ද්‍රව්‍ය අත්අඩංගුවට…

colombotoday