Colombo Today Local News

ජගත් වික්‍රමසිංහ පන්නා ගුවන් විදුලියේ බලය සියතට ගැනීමේ මුස්ලිම් අන්තවාදීන්ගේ ගේම් එක.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය කලක සිට ඉස්ලාම් අන්තවාදීන්ගේ ග්‍රහණයට හසුවූ ආයතනයක් ලෙස සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ සහ ඉස්ලාම් ආගම අතහැර ගිය කණ්ඩායම්වල චෝදනාවට ලක්විය. මේ පිළිබඳව බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින්ද දිගින් දිගටම හඬ අවදි කරන ලදි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවද ඒ පිළිබඳව සිය නිර්දේශ ලබා දී ඇත.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශාරද ජගත් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරයට පත්කිරීමෙන් පසු තත්වය වෙනස් විය. අන්තවාදී දේශකයන් එකින් එකා ගුවන් විදුලි සංස්ථාවෙන් පන්නා දැමීමට සභාපතිවරයා නිර්බීත තීන්දුවක් ගන්නා ලදි.

තත්වය එසේ යහපත් අතට පත්වෙමින් සිටියදී ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය සඳහා උපදේශක සභාවක් පත්කිරීමට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කටයුතු කරන ලදි. ඒ සඳහා පොදු ජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් වියදම් කල මුස්ලිම් ජාතිකයන් 5 දෙනෙකු උපදේශක මණ්ඩලයට පත් විය. එම 5 දෙනා අන්තවාදී අදහස් ඇති පුද්ගලයන්ය.

අමාත්‍යවරයාගේ මෙම තීරණයෙන් පසුව උපදේශක මණ්ඩලය විසින් යලි අන්තවාදී දේශකයන්ට ගුවන්විදුලියේ ඉඩ කඩ වෙන් කීරීමට උත්සහ ගන්නා ලදි. සභාපතිවරයා ඊට විරුද්ධව තනි සටනක නිරත විය. එහි ප්‍රතිපලයක් ලෙස ගරු කල යුතු මහත්මයෙකු ලෙස නමක් දිනාගෙන සිටි විශාරද ජගත් වික්‍රමසිංහ මහතා හොරෙකු ලෙස හංවඩු ගසා ඉවත් කිරීමට සැලසුම් ක්‍රියාත්මක වෙමින් සිටියි. මෙහි පිටුපස සිටින්නේ ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් බවට සභාපතිවරයා සාකච්ඡාවක් අතරතුරදී පවසන ලදි.

මුස්ලිම් අන්තවාදීන්ගේ ගේම් එකට ඉඩ දී ගුවන් විදුලියේ සභාපති ජගත් වික්‍රමසිංහ ඉවත් කිරීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරයා කටයුතු කරන්නේදැයි විමසිල්ලෙන් සිටින බව බොදු බල සේනා සංවිධානයෙන් අප සිදුකල විමසීමකදී සඳහන් කරන ලදි.

ගුවන් විදුලි සංස්ථාව පිළිබඳව මීට ඉහතදී Colombo Today සිදුකල අනාවරණයන්…

අන්තවාදීන් ගුවන්විදුලියේ මුස්ලිම් සේවය ග්‍රහණයට ගැනීමේ දැඩි උත්සාහයක.

Related posts

පොදු ප්‍රවාහන භාවිතයට අදාළව නිරෝධායන නියෝගයක්

colombotoday

ජර්මන් රාජ්‍ය නායිකාව ශ්‍රී ලංකා සංචාරය අත්හිටවයි..

colombotoday

මෙරට වකුගඩු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යා හැකියි… – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Admin

උලමා සභාව විසින් පැවැත්වූ සාකච්ඡා රැසක හඬපට බොදු බලේට ලැබිලා – රහස් රැසක් එලියට

colombotoday

“මගියකුගෙන් රැ 2000ක් අය කළත් යාපනයට යන එක දුම්රිය ගමනකින් ලක්ෂ තුනක් පාඩුයි”

colombotoday

විගණකාධිපති ස්වාධීනයි.. ඔහුට බලපෑම් කිරීමට මුදල් ඇමතිට අයිතියක් නෑ

colombotoday