Colombo Today Local News

අතුරුදන්ව සිටි දැරියකගේ සිරුර ගෙවත්තේම ළිදෙන් මතුවෙයි

අතුරුදන් වී සිටි බව කියන නවගත්තේගම අතුරුපලයාගම ප්‍රදේශයේ දසහැවිරිදි දැරියක සිරුර ගෙවත්තේම අනාරක්ෂිත ළිඳක් තුළ තිබී සොයා ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.

නවගත්තේගම අතුරුපලයාගම ප්‍රදේශයේ පදිංචි නවරත්න මුදියන්සේලාගේ නෙත්මි සත්සරණි නමැති දැරියගේ මළ සිරුර එසේ සොයාගත් බවද පොලීසිය පවසයි.

ඉකුත් 21 දින දහවල් සිය මවත් සමග නිවසේ සිටියදී අතුරුදන්වී ඇති බව කියන මෙම දැරිය සෙවීමට මව්පියන් හා අසල්වාසීන්ද කටයුතු කර ඇති නමුත් තොරතුරක් නොළැබීම හේතුවෙන් දැරියගේ මව්පියන් මේ ගැන එදින සවස නවගත්තේගම පොලීසියට පැමිණිල්ලක්කර ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය අසල්වාසීන්ගේද සහය ඇතිව දැරිය සොයා මෙහෙයුක් ආරම්භකර ඇති අතර, මෙහිදී එම ගෙවත්තේ අනාරක්ෂිත ළිඳක් තුළ තිබී දැරියගේ සිරුර සොයා ගැනීමට හැකි වූ බවත් පොලීසිය පවසයි.

Related posts

අනුරාධපුර බන්ධනාගාරයේදී වෙඩි කෑ තවත් රැඳවියෙක් මරුට

colombotoday

CID නිලධාරින් සමග ආමි මොහිදින් සබඳතා පැවැත් වු බවට සාක්ෂි !

colombotoday

එන්නත් පොරය මැද ගුටි කෙලියක්

colombotoday

ෆුල් ෆේස් හෙල්මට් තහනමට ගත් තීරණය රජය අත්හිටුවයි !

colombotoday

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වරෙන්තු

colombotoday

ජනපතිගෙන් පෙරළිකාර දේශපාලන තීන්දුවක්..

colombotoday