Colombo Today Local News

සීතාවකටත් කෞතුකාගාරයක්සීතාවකටත් කෞතුකාගාරයක්

ඓතිහාසික සීතාවක ප්‍රදේශයේ රාජධානියෙහි ප්‍රාදේශීය අන්‍යතාව ප්‍රදර්ශන කිරීම සඳහා මේ දක්වා ස්ථානයක් ස්ථාපනය කර නොමැති නිසා කෞතුකාගාරයක් ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

1521 වසරේදී සීතාවක රාජධානිය බිහි වීම ශ්‍රී ලංකා රාජධානි ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි.

රජය සඳහන් කළේ, පහත කෞතුක භාණ්ඩ ඇතුළත්ව මහ ජනතාවට ප්‍රදර්ශනය කිරීම සඳහා කෞතුකාගාරයක් පිහිටුවීම සැලසුම් කර ඇති බව යි.

  • සීතාවක රාජධානි යුගයේ නිෂ්පාදිත සිංහල තුවක්කු, සිංහල කඩු ඇතුළු යුධ උපකරණ, කිරුම් මිනුම් හා කැණීම් උපකරණ ආදී පුරාවස්තු,
  • සීතාවක රාජධානියට අයත් ප්‍රදේශයේ සිදු කරන ලද කැණීම් තුළින් සහ මහ ජනතාව සන්තකයේ පවතින දෑ අතුරින් හඳුනාගත් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ප්‍රදේශයේ සිදු කරන ලද කැණීම්,
  • මහ ජනතාව සන්තකයේ පවතින දෑ අතුරින් හඳුනාගත් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ශිලා මෙවලම්, අතීත මානවයා විසින් භාවිත කරන උපකරණ හා ආහාර පිළිබඳ තොරතුරු සහ සතුන්ගේ හා ශාක අවශේෂ.

ඒ අනුව, සීතාවක ප්‍රධාන තැපැල් කාර්යාලයට යාබදව පිහිටි, දැනට ඌන උපයෝජිත තත්ත්වයේ පවතින ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු නිල නිවසේ එම කෞතුකාගාරය ස්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ.

Related posts

පැය තුනකට වැඩි විදුලි කප්පාදුවක්

colombotoday

රුපියල් කෝටි 20ක වංචාවක් : ලක් පොහොර හිටපු සභාපති අත්අඩංගුවට

colombotoday

මාධ්‍යවේදීන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීම නොකළ යුතුයි

colombotoday

ජෝශප් පරරාජසිංහම් කවුද කියලවත් මා දන්නේ නෑ. – පිල්ලෙයාන් කියයි

colombotoday

පාර්ලිමේන්තුවේ බහුතරය අපට දෙන්න

colombotoday

කිරිඳිවැල මාළු වෙළෙන්දෙකුටත් කොරෝනා

colombotoday