Colombo Today Local News

“ෆෙඩරල් පාලනයක් මිස ඒකීය විසඳුමක් කිසිසේත් එපා” – විපක්ෂ නායක සම්බන්ධන්

r sambandan

උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුම් වශයෙන් මුල සිටම බලකර සිටියේ පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කරන ෆෙඩරල් ප්‍රතිපත්තියක් බවත් ඒකීය රාජ්‍ය යන ප්‍රතිපත්තිය කිසිසේත් පිළිනොගන්නා බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පැවසීය. චෙල්ලනායගම් මහතාගේ නායකත්වය මත ඉලංගෙයි තමිල් අරසු කච්චි පිහිටුවා ගැනීමේ සිටම මේ දක්වා උත්සාහ කළේ උතුරේ අර්බුදයට ෆෙඩරල් විසඳුමකින් ස්ථිර දේශපාලන විසඳුමක් ගෙන ඒම බවත් ඒ මහතා සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නියෝජිත සම්බන්ධීකරණ කමිටු රැස්වීම කිලිනොච්චියේ පිහිටි සමුපකාර ශාලාවේදී ඊයේ (21 වැනිදා) පැවති අතර එහිදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

උතුරු නැගෙනහිර අර්බුදයට ඒකීය රාජ්‍ය ප්‍රතිපත්තියක් මත විසඳුම් ගෙන ඒමට දෙමළ ජාතික සන්ධානය උත්සාහ දරන බවට ඇතැම් පාර්ශ්ව ගෙන යන රාවයන් පදනම් විරහිත බවත්.මධ්‍යම රජය පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කරන ෆෙඩරල් පාලනයක් තුළින් උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් ගෙන එන බවත් සම්බන්ධන් මහතා මෙහිදී තවදුරටත් පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ඇතුළු පිරිසක් විච්ෙචනයට ලක් කරමින් එම සන්ධානයේම පිරිසක් කළ ප්‍රකාශවල යථාර්ථය දැනගැනීම පිණිස තමා මේ බව සඳහන් කරන බවද හෙතෙම පවසා ඇත. දෙමළ ජාතික සන්ධානය තුළ හටගෙන ඇති අර්බුද ඉදිරි වැඩපිළිවෙළ, වත්මන් දේශපාලනික තත්ත්වය පිළිබඳ මෙන්ම උතුරු පළාත් මහා ඇමැතිවරයාගේ පක්ෂයට පටහැනි ක්‍රියා කලාපය පිළිබඳව මෙහිදී දැඩි ලෙස සාකච්ඡාවට භාජනය වී ඇත.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරු සහ උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන්ද මෙකී නියෝජිත රැස්වීමට එක්ව සිටියහ.

Related posts

විග්නේෂ්වරන් නැවතත් පන්දම අතට ගනී.. හමුදාවට එරෙහිව ස්විස්ටර්ලන්තයට ගතු කියයි

colombotoday

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සැපයීමට ජපානයෙන් ආධාර

colombotoday

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් අත්අඩංගුවට

colombotoday

කිසිම දවසක රාජපක්ෂ කෙනෙකුට ආයේ මේ රටේ බලයට එන්න අපි ඉඩ තියන්නේ නැහැ…

colombotoday

ජන සටන ඇරඹෙයි… හයිඩ් පිටිය පිරී ඉතිරෙයි PHOTOS

colombotoday

අත්අඩංගුවට ගත් අක්මීමන දයාරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට..

colombotoday