Colombo Today Local News

කොම්පැනිවල ඉඩම් බෙදලා දෙනවා. | ප්‍රේමදාසගේ පුතා පොරොන්දු වෙනවා | ගෝඨා එපා කියමින් සජිත් වතුකරයට යයි

ජනාධිපතික්‍රමය, ඒකාධිපතික්‍රමය, ආඥාදායකත්වය, තනි පුද්ගල පාලනය මේ රටට අවශ්‍ය නොවන බවත්, මේ රටට අවශ්‍ය වන්නේ මේ රටේ ජීවත්වන ලක්ෂ 220 ක ජනතාවගේ අයිතිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (07) තලවකැලේ නගරයේදී පැවැසීය.

තම රජයක් යටතේ මේ රටේ පුරවැසියන්ට ගෞරවයෙන් යුතුව ජීවත්වීමේ යුගයක් නිර්මාණය කරන බවද හෙතම කීය.

ජනාධිපතිවරයාට හා රජයට එරෙහිව සමගි ජන බල වේගය විසින් තලවකැලේ නගරයේ සංවිධානය කොට තිබු විරෝධාතවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා එසේ කීය.

එහෙදී තවදුරටත් අදහස් දැක් වු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මේ රටේ පීඩිත පන්තිය වන වතු කම්කරු ජනතාව මේ රටේ කොදු නාරටියයි. අපේ රටට තේ නිෂ්පාදනය ශක්තිමත් කරන වතු කම්කරු ජනතාවට අනාගතයේදී අපේ රජයක් තුල සිදු කරනු ලබන වැදගත් දෙයක් කියන්නයි මම අද ආවේ. අපේ රජයක් තුල මේ බල ප්‍රදේශයේ වගා නොකරනපු ඉඩම් මේ රටේ රැකියා විරහිත තරුණ ප්‍රජාවටත් ඒ වගේම හැමදාමත් කම්කරු පන්තියේ ලතවෙන ඔබ සියලුම දෙනාටත් ලබාදීමට කටයුතු කරනවා.

අනාගතේ අපේ රජයක් හැටියට මේ රටේ තේ නිෂ්පාදනය වර්දනය කරලා අප රටට අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීමට තේ අපනයනය ප්‍රවර්ධනය කරලා මේ කම්කරු පන්තියේ සියලුම දෙනාට කුඩා තේ වතු හිමියන් හැටියට අනාගතයේ අපේ රටේ ගෞරවයෙන් ජීවත්විය හැකි යුගය නිර්මානය කරනවා.

අද විවිධ ආයතන, ප්‍රබල කොම්පැණිකරුවන් තේ වගා කරන්නේ නැතිව මේ වටිනා ඉඩම් මුඬු ඉඩම් බවට පත් කරමින් යනවා. මේ හැම මුඬු ඉඩමක්ම මේ රටේ රැකියා විරහිත තරුණ ප්‍රජාවට සර්ව සාධාරණ බෙදාදී කූඩා තේ වතු හිමියන් බවට පත් කිරීමට අප පියවර ගන්නවා.

තවදුරටත් ලයින් කාමරවල ජීවත් වු තමුන්නාස්සේලාගේ ජන ජීවිතය කාලකන්නි කරන්න දෙන්නේ නැහැ. ලයින් කාමරවල ජීවත් වු යුගය අවසන් කරලා වතුකරයේ හැම පවුලකටම නිවසක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ අදහස පිටුපස වැදගත් ආර්ථික න්‍යායායක් තිබෙනවා. ඒ ආර්ථික න්‍යයාය තමයි ප්‍රාග්ධන සම්පතින් සවිබල ගැන් වු ජන පරපුරක් අපේ රටේ සවිබල ගැන්වීම.

මේ රටේ මහජන නියෝජිතයෝ හැසිරෙන්න ඔීනෑ වගකීමෙන් යුතුව. අපේ රට ආරක්ෂා කරන්න, රටේ දේපල ආරක්ෂා කරන්න ඔීනෑ. අපි රාජ්‍ය දේපල වගේම පුද්ගලික දේපලත් ආරක්ෂා කරන්න ඔීනෑ. මේ රටේ ජනතාව ඒවා විනාශ කරන්නේ නැහැ. මේ රටේ ජනතාව ඒවාට ඉඩ දෙන්නෙත් නැහැ. අපි ශීලාචාරව, ජනසම්මතවාදීව, ප්‍රජාතත්ත්‍රවාදීව මේ සටන දිනන්න කටයුතු කරනවා.

සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, වී. රාධාක්‍රිෂ්ණන්, උදයකුමාර්, වේලු කුමාර්, සමගි ජන බල වේගයේ නුවරඑළිය ආසන සංවිධායක අශෝක සේපාල යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ක්‍රිෂාන්තන්

Related posts

බමුණු කුලයේ දොස්තරලා යහපාලනය කනවා.. ඔවුන්ට වැඩි වරප්‍රසාද දුන්නොත් විරෝධතා – සමන් රත්නප්‍රිය

colombotoday

විද්‍යා සිසුවිය ඝාතන නඩුවේ විනිසුරුට මහමගදී වෙඩි තබයි.. ආරක්ෂක නිලධාරියා මරුට!

colombotoday

කරන්නාගොඩගෙන් ඊයෙත් පැය හතර හමාරක් ප‍්‍රශ්න කරයි

colombotoday

නිකවැරැටිය මූලික රෝහලට ඔක්සිජන් පරිත්‍යාගයක්

colombotoday

සංශෝධනේ කියලා එකම කාඩ් පැක් එක අනනවා විතරයි.. රටට සෙතක් නෑ

colombotoday

නීති විරෝධී ග්ලයිෆෝසෙට් ලීටර 32,000 ක් වරායේදී අත්අඩංගුවට

colombotoday