Colombo Today Local News

පොහොර හිඟයට කැබිනට්ටුව ඇවිස්සෙති – ගොවීන්ට නොමිලේ දෙන්නැයි ඇමති අනුර යාපා ඉල්ලයි

කන්න තුනක් තිස්සේ වගා කිරීමට නොහැකි වූ බැවින් ගොවීන්ට නොමිලේ පොහොර දෙන්නැයි ආපදා කළමනාකරණ ඇමති අනුර යාපා මහතා කැබිනට් රුස්වීමේදී ඉල්ලීමක් කර ඇත.

නියඟය ආදී ස්වභාවික හේතු නිසා ගොවීන්ට කන්න තුනක් තිස්සේ නිසිලෙස වගා කටයුතු කිරීමට නොහැකි වූ බවද ඇමතිවරයා පෙන්වා දී ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ උදේ රැස් වූ අවස්ථාවේ දැනට මතුව ඇති පොහොර අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ඇමතිවරයා එහිදී මේ බව පවසා ඇත.

එහිදී අදහස් දක්වා ඇති මුදල් ඇමති මංගල සමරවීර මහතා ගොවීන්ට පොහොර නොමිලේ අලුතින් දිය යුතු නැති බවත් දැනටද ඔවුන්ට පොහොර ගැනීමට රජයෙන් මුදල් දෙන බවත් සඳහන් කර තිබේ.

දැනට මතුවි ඇති පොහොර අර්බුදය සම්බන්ධයෙන් ඇමතිවරු ගණනාවක් චෝදනා ස්වරූපයෙන් අදහස් දක්වා ඇති බවද වාර්තා වේ.

එම චෝදනා වලට පිළිතුරු දී ඇති කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පොහොර ගෙන්වීම රජයෙන් ඉවත් කර සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට දීමට මුදල් අමාත්‍යංශය මීට පෙර කටයුතු කළ බවත් මෙම අර්බුදයට එයද හේතුවක් බවත් පවසා ඇත.

පෞද්ගලික අංශ පොහොර මෙට්‍රික් ටොන් 40,000 ක්ද රජය මඟින් පොහොර මෙට්‍රික් ටොන් 35,000 ක්ද පකිස්ථානයෙන් ආනයනය කිරීමට ඇනවුම් කර ඇතත් පකිස්ථානය පොහොර අපනයනය කිරීම සීමා කිරීම නිසා නියමිත අවස්ථාවේ පොහොර නොලැබුණු බවද ඇමතිවරයා සඳහන් කර ඇත.

ජනාධිපතිවරයාගේද මැදිහත් වීම මත මේ දිනවල පොහොර ලැබෙමින් පවතින බව පවසා ඇති ඇමති දිසානායක මහතා ඉදිරි දින කිහිපය පොහොර හිඟය මග හැරෙනු ඇති බවද සඳහන් කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති නිවාස සහ ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස මහතා පොහොර හිඟය නිසා මිනිසුන්ට මුහුණ දෙන්නට බැරි තත්ත්වයකට පත්ව ඇති බව පවසා තිබේ.

ගොවීන් ට පොහොර මිටිය රුපියල් 350කට ලබා දිය යුතු යැයි ද ඇමති සජ්ත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොවීන්ට අවශ්‍ය තරම් පොහොර ලබාදීමට පියවර ගන්නැයි ඇමති දුමින්ද දිසානායක මහතාට උපදෙස් දී ඇත.

Related posts

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයට තර්ජන.. සභාපතිගේ නිවසට නාදුනන අයෙක් කඩාපනී !

colombotoday

ආතතිය දුරු කරලීමට හුදකලා මහල් නිවාස වල වියායාම වැඩසටහන්

colombotoday

යතුරුපැදි මෙරටදීම එකලස් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්න. | කර්මාන්ත ඇමැති විමල් වීරවංශ

colombotoday

චන්ද්‍රගුප්ත තේනුවර රටින් පිටවෙයි…

colombotoday

ඉන්දියානු යුද නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

Admin

දමිතා අබේරත්නත් බරපතල වංචා විමර්ශන කොමිසමට

colombotoday