Colombo Today Local News

මහවැලි රාජ්‍ය අමාත්‍යධූරය කෝටි 50කට විකිණිලා – රොෂාන් රණසිංහ

ඩඩ්ලි සිරිසේන මහතා කියනවා මහවැලි රාජ්‍ය අමාත්‍ය ධූරය රොෂාන් රණසිංහගෙන් ගලවලා අහවල් කෙනාට ලබා දුන්නේ කෝටි 50ක් ලබාදීලා කියලා,ඒකට හේතු වුනේ රොෂාන් රණසිංහ මහවැලි රාජ්‍ය අමාත්‍ය ධුරය හිටියොත් අපේ අයියගෙ, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ දේශපාලනයට තර්ජනයක් වෙනවා, අපේ අයියාගේ දේශපාලනය ඉවර වෙනවා කියලා. මේ විදිහයට කෝටි 50කට ඇමතිකමක් විකිණෙන්නත් ඒ කෝටි 50 කවුද ගත්තේ කියලත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඩඩ්ලි සිරිසේන මහතා ගෙන්නලා වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රොෂාන් රණසිංහ මහතා ඒ බව සඳහන් කළේ පොළොන්නරුව දිඹුලාගල සිරිපුර ඉසුරු හෝටලයේ දී 01 මැයි රැළියට සමගාමීව, ආකල්පමය වෙනසක්, ජාතික ප්‍රතිපත්තියක් යන මැයෙන් පක්ෂ සංවිධායකයින් පළාත් සභා නියෝජිතයින් එක්ව සංවිධානය කර තිබූ මැයි රැලියකදීය.

මෙහිදී වැඩිදුරටත් පැමිණ සිටි පිරිස් ඇමතූ හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙසේද කීවේය.

වෛරයෙන් ක්‍රෝධයෙන් කවුරු හරි කටයුතු කළොත් ඒ පුද්ගලයන්ට ඒ පක්ෂවලට හරියන්නේ නෑ. එහෙම ආණ්ඩුවක් කරනවා නම් පැවැත්මක් නැහැ, හැට නවලක්ෂයක් ඡන්දෙ දීපු අයට වසර එක හමාරකින් මේ ආණ්ඩුව එපා වුණා. ඒකට සාධාරණ හේතු ඇති. මම ගොවි ජනතාව සමග සිටින නායකයෙක් හැටියට ගොවීන්ගෙන් පත්වුණු නායකයෙක් හැටියට ප්‍රකාශයක් කරලා තනතුරු අතහරින්න හේතුවුණේ ගොවිජනතාවට සිද්ධ වුණ ගැටළු නිසා, ගොවි ජනතාවට රසායනික පොහොර දෙන්න බැරිනම් කෙලින්ම කියන්න ඕනේ දෙන්න බෑ කියලා. මම වර්තමාන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට යෝජනා කළා ගොවියන්ට පොහොර දෙන්න බැරිනම් පෞද්ගලික සමාගම් වලින් පොහොර ලබාගන්න මුදල් හරි දෙන්න කියලා, ඒකට කීපදෙනෙක් කැමැත්ත පළ කලා, මේ ආර්ථික සමාජ විනාශයට,හැත්තෑ හතෙන් පසුව රට පාලනය කරපු හැම නායකයෙක්ම වගකියන්න ඕන. ඒ වගේම වසර හැත්තෑ හතරක්ම රට පාලනය කරේ වයෝවෘද්ධ නායකයෝ. නමුත් මේ රටේ හොඳ බුද්ධිමත් තරුණ දේශපාලන නායකයින් ඉන්නවා, හොඳ ප්‍රායෝගික ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන් පිරිසක් සිටිනවා. මේ රටවල් පාලනය කරන්න ඒ අයටත් අවස්ථාවව දෙන්න ඕනේ, ඉදිරි මැතිවරණ වලදී ඒ අයට අවස්ථාව ලබා දිය යුතුයි. ජාතික ආණ්ඩුවකට එකතු වීමට අකමැති අයකු වේනම් ඒ එකෙකුවත් ඊළඟ මැතිවරණයකදි පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්න එපා කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා, පාර්ලිමේන්තුවේ 225 අතර ඉන්නවා පාපැදියක් වත් නැතිව පාර්ලිමේන්තුවට තේරී පත් වූ අය. විවිධ ජාවාරම් කරලා හොඳ තැන්වල ඉන්නවා. පාර්ලිමේන්තුවේ හොඳ පිරිසකුත් ඉන්නවා නැතුව නොවෙයි, මේ රට ගොඩ ගැනීමටනම් අපි වගේම රාජ්‍ය සේවකයින්, මහජනතාව ලොකු කැප කිරීමක් කරන්න ඕනේ. මේ රට ගොඩගන්න පුළුවන් හැබැයි ආකල්පමය වෙනසක් ඇති කරලා ජාතික ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාකළ යුතු යැයි ද රණසිංහ මහතා කීවේය.

මෙම අවස්ථාවට දිඹුලාගල වැලිකන්ද සංවිධායක ජගත් සමරවික්‍රම, දිඹුලාගල සභාවේ විපක්ෂ නායක රංජිත් කහගල්ල, වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් අධිකාරි, ප්‍රදේශ්යේ පක්ෂ සංවිධායකවරුන් මෙන්ම පක්ෂ ආධාරකරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.

ප්‍රසන්න අධිකාරි

Related posts

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

colombotoday

ෆේස්බුක් සමාගමෙන් ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්…

colombotoday

දෙමසක් ඇතුළත නඩු අසා දඩුවම් දෙන අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

colombotoday

චෙක් කරන්න කලින් අපට කියන්න… බල්ල පල්ලියට ගේන්න එපා – අසාත් සාලි හමුදාවට කොන්දේසි දමයි

colombotoday

හොර බෙහෙත් ගෙනා ෆාමේස් සමාගමට රාජිත සම්මාන දීලා… රටම ලෙඩ කර බිලියන විස්සකට තට්ටු කළ හැටි එළියට…

colombotoday

13 හැවිරිදි දැරියක් අපයෝජනය කළ සිද්ධියකට පියා ඇතුළු 11ක් අත්අඩංගුවට

colombotoday