Colombo Today Local News

රතන හිමිගේ මන්ත්‍රීධුරය අහෝසියි?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබූ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ජන්දය ලබාදිය යුතු බවට එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත්කර තිබූ ඉරි තුනේ නියෝගයට පිටුපා එදින ජන්ද විමසීමේ අවස්ථාව වර්ජනය කිරීම හේතුවෙන් අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසිවන තත්ත්වයක් මතුව ඇත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායේ එන මෙම ඉරි තුනේ නියෝගයෙන් කියවෙන්නේ එම නියෝගයට අනුව අදාළ මන්ත්‍රීවරුන් කටයුතු කලයුතු බවත් නැතහොත් නියෝගයට පිටුපෑම සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අදාලව එම ලියවිල්ල සාක්ෂියක් වන බවය.

මෙම ඉරි තුනේ නියෝගය එක්සත් ජාතික පෙරමුණේ සියළු පාර්ලිමේන්තු නියෝජිතයන්ට ලියාපදිංචි තැපෑලෙන් නිකුත් කරන්නට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් යොමුකර තිබු අතර ඒ අප්‍රේල් 03 වනදා ය.

ඒ අනුව මේ වන විට අදාළ නියෝගයට පිටුපෑම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කිරීමට අවශ්‍ය නීති ක්‍රියාමාර්ග සූදානම් කරන ලෙස එජාප නායකත්වය නීති අංශ දැනුවත් කර තිබෙන බවද වාර්තා වෙයි.

Related posts

බොදු බල සේනා ප්‍රධානීන්ට, ක්‍රියාකාරීන්ට මරණ තර්ජණ – පාර්ශව කිහිපයකින් අනතුරු ඇගවීම් !!

colombotoday

වෛද්‍යවරයෙක් රෝගියෙකු ප්‍රතික්ෂේප කරන්නේ නම් අපි අරගලය ජයග්‍රහණය කළද මනුෂ්‍යත්වය පරාජය වී හමාරයි. – ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

colombotoday

බදුල්ලේ නායයෑමේ අවදානමක්

Admin

“උද්ඝෝෂණ හා විරෝධතා පවත්වන මුවාවෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමට අවශ්‍ය නම් නව නීති ගේනවා”

colombotoday

මහින්ද රාජපක්ෂව පියන් කෙනෙක් කරන්න අලි සබ්‍රිට තියෙන අයිතිය මොකද්ද

colombotoday

ත්‍රස්තවාදීන්ට මරණ දණ්ඩනය දෙනවා..

colombotoday