Colombo Today Local NewsHot NewsTop Stories

රජයේ බලධරීන් පොරොන්දුව කඩයි… චීනයෙන් පරිත්‍යාග කළ බුදුපිළිම වහන්සේලා තවමත් රේගුවේ..

වෙසක් පොහොය දින සඟසතු කර දුෂ්කර විහාරස්ථානවලට පූජා කරන්නට චීනයෙන් වැඩම කළ කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා අය කරන රුපියල් ලක්ෂ 32 රේගු බද්ද ගෙවීමට රුපියලකින් හෝ උදව්වක් කරන්නයි මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතත හිමියෝ ලෝකවාසී බෞද්ධයන්ගෙන් කාරුණිකව ඉල්ලීමක් කරති.

චීනයෙන් වැඩම්ම වූ කිරිගරුඬ බුදුපිළිම වහන්සේටත් බදු මුදල් අය කරන බෞද්ධ නායකයන් දෙදෙනකුගේ පාලනයෙන් යුතු බංකොලොත් ආණ්ඩුවක් රටේ පැවැතීම ගැන උන්වහන්සේ දැඩි සංවේගයත්, කනගාටුවත් පළකර සිටිති.

බුදු දහමට භක්තියෙන් හා ගෞරවයෙන් යුතුව ශ්‍රී ලංකාවේ පිහිටි අති දුෂ්කර විහාරස්ථාන සඳහා වෙසක් පොහොය දිනයේ සඟසතු කිරීමට චීනයේ සිට මෙරටට වැඩම වූ කිරිගරු¾ඩින් නිමවූ රුපියල් කෝටි ගණනක් වටිනා බුද්ධ ප්‍රතිමා වහන්සේ විසි නමකට රජය විසින් රුපියල් ලක්ෂ 32ක බදු අයකිරීම නිසා කොළඹ වරායේ සිරවී ඇති පිළිම වහන්සේ ඉන් පිටතට වඩම්මවා ගැනීමට අවශ්‍ය ලක්ෂ 32ක මුදල ගෙවා දැමීමට අවැසි කටයුතු කිරීමට තෛ්‍රනිකායික මහ සංඝයා වහන්සේ ඇතුළු සියලුම ලෝකවාසී බෞද්ධ ජනතාව එකට එක්විය යුතු යැයි මිහින්තලා රජමහ විහාරාධිපති භාරකාර ශාස්ත්‍රපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවැසූහ.

පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය, අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් විසින් මේ ප්‍රතිමා වහන්සේ බදු මුදලින් තොරව මුදාදීමට කටයුතු කරන බවට පොරොන්දු ලබා දුන්නත්, ඔවුන්ගේ පොරොන්දු මැතිවරණ සමයේ ජනතාව රැවටීමට ලබාදෙන බොරු පෙරොන්දු හා සමාන වූයේ යැයි උන්වහන්සේ සංවේගයෙන් යුතුව පැවැසූහ.

බුදු පිළිම වහන්සේලාටත් බදු අය කිරීම සම්බන්ධයෙන් මහත් කනගාටුවට පත්වී සිටින උන්වහන්සේ අදහස් දක්වමින් මෙසේ පැවැසූහ. වෙසක් පුන් පොහොය දිනයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර විහාරස්ථාන සඳහා බෙදා දීමට තමයි චීන බෞද්ධ දූත පිරිස රුපියල් කෝටි ගණනක් වියදම් කරලා මේ පිළිම වහන්සේ ඇතුළුව නවීන තාක්ෂණය මුසුකර සැකසූ තුන් සූත්‍රය සහිත උපකරණ මෙරටට රැගෙන ඒමට උත්සාහ කෙළේ. මෙය වෙළෙ¼දාමක් නෙවෙයි පුණ්‍ය කටයුත්තක්.

අදවන විට ඒ සියල්ල කොළඹ වරායේ හිරවෙලා. ශ්‍රී ලංකාවේ පළමුවෙනි බෞද්ධ විහාරය මිහින්තලය රජමහ විහාරය. වෙසක් පෝය දිනයේ සංවිධානය කෙළේ අන්තර්ජාතික මහ පින්කමක්. දහස් නමකට දානය බෙදලා බුදු පිළිම වහන්සේලා විසිනම බෙදලා රටට, ජාතියට, නායකයන්ට සෙත් පතන්න අපි සූදානම්වී සිටියේ.

චීන බෞද්ධ දූත පිරිසේ ප්‍රධාන දායිකාව වන සුකි මහත්මිය ඇතුළු පිරිස හරිම කම්පාවට පත්වුණා. මේ සිද්ධියත් සමඟ, මා ඇතුළු ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳ මාධ්‍ය මඟින් අනාවරණය කරපු සැණින් ආණ්ඩුවේ ඉහළ නිලධාරීන්ගෙන් ප්‍රතිචාර ලැබුණා. මේ පිළිම වහන්සේ බදුවලින් තොරව නිදහස් කරනවා කියලා. එහෙත් වෙසක් පෝය ගෙවිලා සති දෙකකට ආසන්න කාලයක් ගතවෙලත් ඒ පිළිබඳ අවධානයක් යොමුකළේ නෑ.

මම චීන දූත පිරිසට කිව්වා පාර්ලිමේන්තුවේ කථානායකතුමා, හිටපු ජනාධිපතිගේ පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස මැතිතුමා මැදිහත්වෙලා මේ පිළිම වහන්සේ වරායෙන් ඉවත් කරලා දෙනවා කියලා. ඒ නිසා චීන දූත පිරිසේ නායිකාව තවත් සාමාජිකයකු නැවතුණා. මේ අසිරිමත් උත්සවයට නැවත ස්වාමීන් වහන්සේ 200ක් වඩම්මවලා දානය පිළිගන්වලා පවත්වන්න. සුකී මහත්මියට ලංකාවේ තව රැඳී ඉන්න ලැබෙන්නේ මේ මස (19දා) දක්වා පමණයි. ඇය මේ වනවිටත් හුඟක් කම්පාවෙන් ඉන්නේ බෞද්ධ රටක රජය සිදුකළ ක්‍රියාව පිළිබඳ.

මේ රජයේ ප්‍රබලයන් දුන් පොරොන්දුව උඩු හුළඟේ ගිහිල්ලා කියලා මට දැනෙනවා. ඒ නිසා මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් අය කරලා තියෙන බදු මුදල ගෙවන්න රුපියලකින් හරි උදවුවක් කරන්න කියලා මම සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ගමේ පන්සල දියුණු නොකර අගනුවර කොතරම් ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කළත් වැඩක් නෑ. රටේ නායකයෝ ඇවිල්ලා ඒවා වැඳපුදා ගත්තට බුද්ධ ප්‍රතිමාවක් විහාරස්ථානයකට වැඩම්මුවහම ඊට බදු ගහනව නම් එතැනින් එහාට බුද්ධාගමේ චිරස්ථිතිය පිළිබඳ කතාකරලා වැඩක් නෑ යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

Related posts

ජනාධිපති අපේක්ෂකත්වය ලබාදුනහොත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ – පාඨලි චම්පික රණවක

Admin

පැනමා රහස්‍ය ලිපිගොණු වලට රාජපක්ෂලාත් ගෑවී ඇත්දැයි ආණ්ඩුව හොයයි

colombotoday

ගිනි අවියක් සමග දකුණේ සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට

colombotoday

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානයක ඔබ නොදත් තතු මෙන්න…

colombotoday

156 වන ශ්‍රී ලංකා පොලිස් සංවත්සරයට ජාතියේ උත්තමාචරය..! – ප්‍රධාන සැමරුම් උත්සවය අද ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

colombotoday

MCC ගිවිසුම ආණ්ඩුව අත්සන් කරන්නේ නෑ- විමල්

colombotoday