Colombo Today Local Newsfeatured

කොවිඩ් මළ සිරුරු රැස්කිරීම නීතියට පටහැනියි. අපි නඩුමගට යනවා. පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි.

කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත්කළ චක්‍රලේඛනය ක්‍රියාත්මක නොකර මළ සිරුරු රැස්කිරීම නීතියට පටහැනි හා අනතුරුදායක වන බැවින් වහා එම මළ සිරුරු ආදාහනය කිරීමට රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් එළෙඹෙන සඳුදා දින අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා Colombo Today වෙත අද (24) ප්‍රකාශ කර සිටියා.

පරිසර පනතට අනුව සහ බාසල් සම්මුතියට අනුව ආන්තරායික අපද්‍රව්‍යයක් වන කොරෝනා වෛරසය වැළඳුනු මළසිරුරු බැහැර කල යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට කොරෝනා මරණ භූමිදානය කරන ලෙස පැවසීමට නොහැකි බවත් ශ්‍රී ලංකාවේ පරිසර පනත තුල ආන්තරායික අපද්‍රව්‍ය බැහැර කලයුත්තේ කෙසේද යන්න පැහැදිලිවම දක්වා ඇති බවත් එය උල්ලංඝනය කරමින් කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමිදානය කළහොත් එය නීතියට පටහැනි බවත් ඒ මහතා පැවසීය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ආදාහනය අනිවාර්ය කරමින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය

http://tamil.colombotoday.com/?p=22487

Related posts

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 219 දක්වා ඉහළට

colombotoday

පැෂන් බග් ගින්න : CCTV දෙන්න බෑම කියයි.. පොලීසිය බලෙන් අරන් යයි !

colombotoday

කුණු බාන්න තැනක් නැතිව කුණු ලොරි පාරවල් පුරා රස්තියාදුවේ.. කොළඹ කුණු ගදින් පිරේ !

colombotoday

2024 නව වසර ආරම්භ වෙන්නේ ඖෂධ 300ක හිඟයක් එක්ක

Admin

අත්හිටවූ බස්නාහිර පළාත් වාර පරීක්ෂණ යළි පැවැත්වීමට නියමිතව ඇත

Admin

සිරකරුවන් 260කට විශේෂ රාජ්‍ය සමාව | ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබූ රැදවියන් 53කුත් ඒ අතර

colombotoday