Colombo Today Local News

සාමාන්‍ය සම්ප්‍රදාය නොසලකා – අගමැතිගේ වැඩේ ජනපති කරයි

මහාධිකරණයේ හෝ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු ගොනු කිරීමට අවශ්‍ය විධිවිධාන සැලැස්වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අල්ලස් පනතට සංශෝධන එක් කිරීමට යයි.

අල්ලස් පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අදාළ පනත් සංශෝධනය ගැසට් පත්‍රයේ අතිරේකයක් වශයෙන් මාර්තු 19දා ප්‍රකාශයට පත් කර ඇත.

අමාත්‍යාංශයක් යටතට නොගැනෙන ආයතන සම්බන්ධයෙන් වන පනත් සංශෝධන ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම සාමාන්‍යයෙන් සිදුකරන්නේ අග්‍රාමාත්‍යවරයාගේ නියමය පරිදි වුවද අල්ලස් (සංශෝධන) පනත් කෙටුම්පත ජනාධිපතිවරයාගේ නියමය පරිදි පළකිරීම සාමාන්‍ය සම්ප්‍රදාය නොසලකා හැරීමක් බව නීති අංශ පෙන්වා දෙයි.

මේ පනත් සංශෝධනය මඟින් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය සංශෝධනය කරනු ලබන අතර එම සංශෝධනයෙන් මහාධිකරණයේ හෝ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු ගොනු කිරීමට අවශ්‍ය විධිවිධාන සැලැස්වීම සිදු කරනු ලබයි.

ජනාධිපතිවරයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සිදුකරනු ලබන කටයුතු සිදුකරනු ලබන්නේ අගමැතිවරයා විසිනි.

Related posts

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ හෙට දිවයිනට

colombotoday

බුවනෙකබාහු රාජසභා ගොඩනැගිල්ල- කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 04කට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

colombotoday

ඇමෙරිකාවෙ ඉන්න රනිල්ට ජපානයේ සිට මහින්දගෙන් කෝල් එකක් !

colombotoday

මිනිස් ඝාතන චෝදනාවකට වරදකරැ වූ විත්තිකරුවෙකුට මහාධිකරණයෙන් මරණිය දන්ඩණය.

colombotoday

පොල්ලකින් පහර කෑ කතක් මරු දකී

colombotoday

සියලු පාසල්වල ප්‍රාථමික අංශ 25 සිට ඇරඹේ

colombotoday