Colombo Today Local News

චීවරය ගැලවිය හැක්කේ සංඝාධිකරණයකට පමණයි.. ඥාණසාර හිමි නියෝජනය කරන්නේ සමස්ථ සංඝයාවහන්සේගේ මතයයි – රාමාඥ්ඥ මහා නාහිමි

පූජ්‍ය ගලගොඩඅත්තෙ ඥාණසාර හිමියන්ට සිර දඩුවම් නියම කිරීමේ සිදුවීම පිළිබදව සාකච්ඡා කිරීම සදහා බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පිරිසක් අද 17 රාමාඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නාහිමියන් බැහැ දැකීම සදහා හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන වෙත ගොස් ඇත.

එහිදී පිරිස සමග අදහස් දක්වමින් මහා නාහිමියන් සදහන් කර ඇත්තේ, නීතිමය තත්ත්තවය කුමක් වුවත් භික්ෂූවගේ සහ බුද්ධ චීවරයේ ගෞරවය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීම පාලකයන්ගේ යුතුකමක් බවයි.

බන්දනාගාරගතකර ඇති ඥාණසාර හිමියන්ගේ චීවරය ගැලවීමට කිසිදු තත්ත්වයක් යටතේ මෙරටේ කිසිවෙකුට අයිතියක් නොමැති බවත්, එය සිදුකළ හැක්කේ සංඝාධිකරණයකින් පමණක්ම බවත් මහා නාහිමියන් අවධාරණය කර සිටියේය.

වැදගත් වන්නේ චේතනාව බවත්, කිසිවෙකුටත් හිරිහැර කිරීමේ චේතනාවෙන් ඥාණසාර හිමියන් හැසිරී නොමැති බවත්, රට දැය සමය වෙනුවෙන් උන්වහන්සේ දරණ මතය මෙරට සමස්ථ මහා සංඝරත්නයේ මතයම බවද මහා නාහිමියෝ ප්‍රකාශ කර සිටියහ.

අධිකරණ විනිසුරුවන් වුවද සෑම විටම නිවැරදිම තීන්දු දෙන පුද්ගලයන් සේ සැළකිය නොහැකි බවද කියා සිටි මහා නාහිමියෝ, ඇතැම්විට පක්ෂපාතී සාක්ෂි මත හෝ වෙනයම් බලපෑමක් මත ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බරපතල වැඩ ඇතිව මෙම දඩුවමට යටත් කළේද යන්න අවධානය යොමුකළ යුතු බවද අවධාරණය කර සිටියේය.

Related posts

සුජීව සේනසිංහ මෙන්ඩිස් සමාගමෙන් මුදල් ගෙන ඇත්තේ මැතිවරණයට පසුවයි. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්?

colombotoday

නොතෙමී යන්න, යහපාලන ‘පංචවිධ කාර්’ එක ඉන්දියාවෙන් එයි.. බජාජ් Qute ළගදීම වෙළදපොලට

colombotoday

නිදහස ලැබූ ඥාණසාර හිමිට නිදහසක් නෑ – අදත් නඩු තුනක් විභාගයට – එක් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

colombotoday

සහන මිලට දෙන්න තිබූ පොහොර තොගයක් විකුණු වාරියපොළ සංවර්ධන නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

ටයර් සෑයවල පුච්චපු කොල්ලෝ කෙල්ලෝ ගාන මතකනම් ආයේ ප්‍රේමදාස යුගයකට යන්නේ නෑ

colombotoday

රජයේ වාහන 1592ක් විනාශ කිරීමට පියවර ගැනේ

colombotoday