Colombo Today Local Newsextremism & terrorism activities

කාති උසවිත් එපා. ජමයතුල් උලමා අන්තවාදී සංවිධානයත් තහනම් කල යුතුයි. | මුස්ලිම් දික්කසාද පිලිබඳ වියත් හවුල කියයි.

කාති උසාවි අයින් කරන ලෙස සහ අන්තවාදී ජමයතුල් උලමා සංවිධානය තහනම් කරන ලෙස මුස්ලිම් දික්කසාද පිලිබඳ වියත් හවුල ඉල්ලා සිටිනවා.

ඊයේ(25) පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ සභාපති මොහොමඩ් ෆියාස් පකිර්ඩින් දැක්වූ අදහස්…

“මෑතකදී ඇතිවූ අන්තවාදී ප්‍රශ්නයෙන් පස්සේ මේ කතිවරු 65 දෙනාත් මම කියන්නේ අන්තවාදීන්. ඉස්ලාම් ආගමේ නැති, නබි තුමා කියපු නැති, නබිතුමා අනුගමනය කරපු නැති දේවල් තමයි මේ අය කරන්නේ. ඒ නිසා මම කියන්නේ මේ කතිවරුන්ට තව දුරටත් ඉඩ දුන්නොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ලොකු විනාශයක් වෙනවා. මේ ගොල්ලෝ එන්නේ මේ අයගේ වාසියට විතරයි. හම්බ කරන්නේ. 1951 දී ඒ කාලේ විශ්වාසයෙන් දීපු පනතක් ඒ ගොල්ලොන්ට මේ පනත නැති කරගන්න කැමති නෑ. ඒ නිසා මේක කොහොම හරි තියාගන්න බලනවා. මේකෙන් මුළු සමාජයටම වක්‍රාකාරයෙන් බලපානවා. ඒ නිසා අපි කියන්නේ මේ කාති උසාවි අයින් කරන්න කියලයි.”

“මේ සම්බන්දව අපි ජමයතුල් උලමා එකටත් කිවුවා. ජමයතුල් උලමා මේකට අපිට කිසිම උත්තරයක් දුන්නේ නෑ. නමුත් ඇතුලෙන් ඒ ගොල්ලෝ මේ කාති උසාවි ඒ ගොල්ලොන්ගේ අතට ගන්න යනවා කියන එක අපි දන්නවා. ජමයතුල් උලමා එකට මම කියන්නේ මේකත් අන්තවාදී සංවිධානයක්. ජමයතුල් උලමා මේක තහනම් කරන්න ඕනි. ලංකාවේ පළවෙනිම ප්‍රශ්නය ආවේ ඇවිල්ලා හලාල් සහතිකයට. හාලාල් සහතිකයත් ඉස්ලාම් ආගමේ නෑ එහෙම විකුනන්න කියලා. අපිට මේක හලාල් කියලා කියන්න පුළුවන්. නමුත් මේගොල්ලෝ මේකෙන් කෝටි ගණනක් හම්බ කළා. ඊටපස්සේ කලේ බැංකු කාරණයක් ඇති කළා. බැංකු කරණයක් ඇති කරලා ඒක හලාල් කියලා කිවුවට, ඒක ඇතුලේ 2% ක් ගන්නවා. ඒවාට ඉඩ දෙන්න එපා.”

Related posts

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

සමාජජාලා ක්‍රියාකාරීන්ට මැකො. අනතුරු අගවයි !

colombotoday

ඥාණසාර හිමි පොලීසියට කැදවයි !

colombotoday

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ඇතැම් පිරිස් බොරු කියමින් විමර්ශනවලට බලපෑම් කරමින් සමාජ අවධානය වෙනත් දිශාවකට යොමු කරනවා

colombotoday

“ආයෙ ලංකාවේදී බැලූන් උඩ අරින්නෑ” – හුලං ගිය Google බැලුම ගැන ඇමති හරීන් කියයි

colombotoday

ආදායම් බලපත්‍ර අලුත් නොකළ වාහනවලට සිදුවන දේ

Admin