Colombo Today Local News

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල යලි ඉහළට

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය සදහන් කළේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 8 කින් ඉහල යන බවයි.

ඒ අනුව රුපියල් 137 ක්ව පවතින එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 145 ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් ඉහළ යන අතර එහි නව මිල වන්නේ රුපියල් 155 ක්.

ඩීසල් ලීටරයක් රුපියල් 9 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 118 ක් වනවා.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමත් සමග එහි නව මිල වන්නේ රුපියල් 129 ක්.

Related posts

දුම්රිය ස්ථාන 7ක් වසා දැමේ

colombotoday

ඇමති ජෝන්ගේ කියන රති කෙළිය ෆේස්බුක් දැමූ අයට වැඩ වරදී… CIDට අත්අඩංගුවට ?

colombotoday

ඇමරිකා තානාපතිනිය හා ජනපති අතර හමුවක්

colombotoday

ජාතික පාසල් 170ක විදුහල්පති පුරප්පාඩු

colombotoday

අප්‍රේල් 13 සිට 17 දක්වා ඥානසාර හිමි බැහැදැකීමට අවස්ථාව

colombotoday

ෆිච් රේටින්ග්ස් ශ්‍රේණිගත කිරීම මහ බැංකුව ප්‍රතික්ශේප කරයි….

colombotoday