Colombo Today Local News

රංජන්ගේ හඬපට වලින් ‌එළිවුණේ පසුගිය ආණ්ඩුවේ නිරුවතයි – ප්‍රසන්න

පසුගිය යහපාලන ආණ්ඩුවේ අධිකරණයේ ස්වාධිනත්වය අද රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයාගේ රෙද්ද පල්ලෙන් බේරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රංජන් රාමනායක හිටපු නියෝජ්‍ය ඇමතිවරයා සතුව තිබු හඬපට වලින් පසුගිය ආණ්ඩුවේ සැබෑ නිරුවත හෙළි වන බවයි.

උඩුගම්පල ශ්‍රී ලංකා පොදුජන කාර්යාලයේ දි අද (08) පැවති රැස්විමක දි රණතුංග මහතා මේ බව සදහන් කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා ,

“පසුගිය යහපාලන ආණ්ඩුව බලයට පත් වුයේ මේ රටේ ජනතාවට බොරු කප්පරක් කියලයි. ඔවුන් කිව්ව ලොකුම බොරුව තමයි රටට ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස දෙනවා කියන එක. මාධ්‍ය නිදහස, අධිකරණයේ ස්වාධිනත්වය ආරක්ෂා කරනවයි කියලා  මේ අය දහ අතේ පොරොන්දු වුණා. හැබැයි අද රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා ළඟ  තිබුණු හඬපට ඇහුණාම තේරෙනවා ආණ්ඩුව කොහොමද කටයුතු කරලා තියෙන්නේ කියලා. තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පළිගන්න  මේ අය අධිකරණයේ  ස්වාධිනත්වය අමු අමුවේ උල්ලංඝනය කරලා.

දේශපාලන ප්‍රතිවාදින්ගෙන් පළිගැනීම එක්සත් ජාතික පක්ෂයේ ජන්ම ගතියයි. ඔවුන් බලයට පත්වු හැමවිටම සිය දේශපාලන ප්‍රතිවාදින්ට අඩන්තේට්ටම් කරනවා. පසුගිය ආණ්ඩුව සමයේ මේ දේ කරලා තියෙන්නේ නීතියත් අවභාවිතයන් කරමින්. මේ වගේ සිද්ධීන් වලට එරෙහිව දැඩි පියවර ගත යුතුයි. අපි පසුගිය ආණ්ඩුව වගේ එදාවේල ටුවර්ස් අණ්ඩුවක් නෙමෙයි. අපි වැඩ කරන්නේ සැලැස්මකට.

ඊළඟ  මහා මැතිවරණයේ දි එක්සත් ජාතික පක්ෂයට යන එන මං නැතිව යනවා. සජිත් ප්‍රේමදාස මහතා දැන් නැවත විහිලු කතා කියන්න පටන් අරන්. සජිත් හිතවාදීන් කියනවා ගෝඨා ජනපති – සජිත් අගමැති කියලා. මේ රටේ ජනතාව ඕවට රැවටෙන්නේ නෑ. ජනාධිපතිවරයා සමග වැඩකළ හැකි අගමැතිවරයෙක් තමයි පත්කරගන්න ඕනෑ. නැත්නම් ආපහු මේ රට දෙපැත්තට අදියි. ඒ නිසා අපේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාව මේ රටේ ජනතාව ඊළග මැතිවරණයේ දි අගමැති පුටුවේ වාඩි කරවන එක ඒකාන්තයි. එතකොට මේ රටේ නැවත මහින්ද ගෝඨාභය සුසංයෝගය බිහිවෙනවා. ඒක තමයි යහපාලනය විනාශ කරපු මේ රට ගොඩ ගත හැකි එකම සුසංයෝගය. ඒක මේ රටේ ජනතාව දන්නවා. ඒ සුසංයෝගය තමයි වසර 30ක් පැවති යුද්ධයෙන් මේ රට බේරා ගන්තේ. ඔවුන් දෙදෙනා එකතු වෙලා  මේ රට නැවත  ගොඩනගනවා. ඒක ස්ථිරයි” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

මුස්ලිම් පල්ලි පාලනයට වහබ්වාදින්, මිනීමරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්

colombotoday

කිරිඇල්ල වහා ඉල්ලා අස්වෙනු! නැතහොත් ඉවත් කරනු !!- නිර්මාල් රංජිත් දැඩි විරෝධයේ

colombotoday

නිරෝධායන නීති බල්ලට දැමූ සූදු පොලක 7ක් මාට්ටු

colombotoday

‘චක්‍රලේඛය උල්ලංඝනය කර ‘සුරක්ෂා’ පෞද්ගලික සමාගමකට’

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රජයට අනතුරු ඇගවීමක්

Admin

රුසියානු සබ්මැරීන 2ක් හා යුද නැවක් කොළඹට සේන්දු වෙයි

colombotoday