Colombo Today Local News

කිරිඇල්ල වහා ඉල්ලා අස්වෙනු! නැතහොත් ඉවත් කරනු !!- නිර්මාල් රංජිත් දැඩි විරෝධයේ

උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිය හිතවතෙකු තාවකාලික කථිකාචාර්ය තනතුරක් සදහා නිර්දේශ කරමින් යැවූ ලිපියක් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය දැඩි විරෝධය පළකරයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ‘උසස් අධ්‍යාපන ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල වහා ඉල්ලා අස්වනු. නැතොත් ඉවත් කරනු’ යනුවෙනි.

fsff

මේ අතර අදාල ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කිරිඇල්ල අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කර තිබෙන අතර එයින් ප්‍රකාශ කර ඇත්තේ විශ්විද්‍යාල පනතේ 19 වැනි වගන්ති ප්‍රකාරය නි‍ර්දේශ නිකුත් කිරීම සදහා ඇමතිවරයාට බලය ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිර්මාල් රංජිත් දේවසිරි මහතා

“19 වැනි වගන්තියේ තියෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පොදු දිශානතිය සම්බන්ධයෙන් හා ඒ විශ්වවිද්‍යාල පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇමතිවරයා වගකිවයුතුයි කියන එක. ඒකෙන් අදහස් වෙන්නේ නෑ විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය කටයුතුවලට මේ විදිහට සම්බන්ධ වෙන්න අයිතියක් තියෙනවා කියලා. නීතියේ වගන්තිවල තියෙන ප්‍රශ්නයක් තමයි ඒවා ඕන ඕන විදියට තමන්ට අවශ්‍ය විදියට අර්ථකථනය කරන්න පුළුවන්. එහෙම අර්ථකථනය කරන සිරිතක් නෑ. මේක පොදු වගන්තියක්. ඒකෙන් කියන්නෙ ඇමතිවරයාගේ වගකීම. නමුත් ඒකෙන් කියන්නෙ විශ්වවිද්‍යාල දෛනික කටයුතුවල වගකීම නෙමෙයි.

විශ්වවිද්‍යාල කටයුතු නිසි ලෙස සිදුවෙන්නේ නැත්නම්, ඒ විශ්වවිද්‍යාල කටයුතු නිසිලෙස බිඳවැටිලා නම් ඒ වගේ දෙයකදි ඇමතිවරයාගේ වගකීම තහවුරු කරන්න තමයි පොදු දිශානතිය තියෙන්නේ. එහෙම නැතිව එදිනෙදා වෙන පත්වීම් සම්බන්ධයෙන් වෙන දේ නෙමෙයි. මේවා අවභාවිත කරලා තමයි ඇමතිවරු කටයුතු කරන්නේ. අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් මැදිහත් වුණේ පළමු අවස්ථාවට.

අනධ්‍යයන කාර්යමණ්ඩලය බඳවාගනිද්දී ඇමතිවරයාගේ ලිස්ට් එකෙන් තමයි බඳවාගන්නේ. මම නම් කවදාවත් දැකලා නෑ මේ වගේ වගන්තියක් මේ වගේ ක්‍රියාවක් සාධාරණීකරණය කරගන්න භාවිත කරනවා. එතකොට ඒකෙන්ම පෙන්වනවා ඇමතිවරයා මේ කාර්යයට සුදුසු නෑ කියලා. පොදුවේ තියෙන විධිවිධානයක් යම්කිසි කෙනෙකුට වාසි සහගත ලෙස භාවිත කරනවා කියන්නේ යහපාලනයට විරුද්ධයි. ඇමතිවරයා ලියුම නිකුත් කරලා කර තිබෙන වරදට වැඩි දෙයක් කරලා තියෙනවා මේ විදියට පනත අර්ථකථනය කිරීම මගින්” යනුවෙන්ද සඳහන් කරයි.

 

Related posts

දැව ප්‍රවාහනයට අදාල නීති ලිහිල් කළ යුතුයි – ඇමති ප්‍රසන්න රණවීර

colombotoday

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සුදු අලියෙක් වෙයි. ශ්‍රමිකයන් දසදහස් ගණනක් කබලෙන් ලිපට

colombotoday

රන්ජන්ට වසර 7ක් ඡන්ද අයිතියත් අහිමිවෙයි. | පුරප්පාඩුවට අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට

colombotoday

ශ‍්‍රී ලංකා පොලිසියට ස්කොට්ලන්ත පොලිස් පුහුණුව ලබාදීම අත්හිටුවන්නැයි බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරුන් එරට රජයෙන් ඉල්ලති

colombotoday

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සඳුදා සිට යළි ක්‍රියාත්මකයි

colombotoday

පොලිස් ඇමති පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය පුළුල් කිරීමට පියවර ගනියි!

colombotoday