Colombo Today Local News

“රාජිත ත්‍රස්තවාදියෙක්… මිනීමරු ප්‍රා කල්ලියේ නායකයා ඔහුයි“ – ජවිපෙන් රාජිතට සැර ප්‍රහාරයක්

ඉකුත් (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර උතුරේ මියගිය එල්. ටී.ටී ඊ. සාමාජිකයන් හා ජනතාව සැමරීම සම්බණ්ධව රජය දරන මතය කුමක්දැයි මාධ්‍යවේදීන් විසින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රශ්න කර සිටි අවස්ථාවේ ඔහු විසින් ජනතා විමුක්ති පෙරමුණ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානයට සම කරමින් කළ ප්‍රකාශය සම්බන්ධව ඊයේ (17) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අදහස් දක්වා සිටියහ.

“ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන පක්ෂයක්.මැතිවරණ කොමසාරිස් ළඟ ලියාපදිංචි කළ දේශපාලන පක්ෂයක්.අපි ජේ.ආර්. ගේ පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් විදිහට, මේ රටේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් විදිහට දේශපාලනය කරමින් සිටිය.එදා ජේ. ආර්. ගේ පාලනය ඔවුන්ට තර්ජනයක් විදිහට අපිව දැක්ක.ඒ නිසා අභූත චෝදනා නගමින් අපිව තහනම් කරල අපේ දේශපාලන කටයුතු නතර කරන්න උත්සාහ කලා.නමුත් අපි දේශපාලනය නතර කළේ නෑ.එදා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරල නවත්තන්න බැරි වුනා.ඊට පස්සෙ ඔවුන් විවිධ යුධමය උපක්‍රම පාවිච්චි කරල අපිව මර්ධනය කරන්න උත්සාහ කලා”.

“ජේ.ආර්.ගේ ආණ්ඩුවෙ මැර හමුදා, කොළ කොටි, ප්‍රා, කළු බළල්ලු, කහ බළල්ලු, උකුස්සො ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ක්‍රියාත්මක වුනා.”

“ප්‍රා සංවිධානය මෙහෙයවූයේ රාජිත සේනාරත්න.එදා ජේ.ආර්.ගේ ආණ්ඩුවෙන් ආයුධ අරගෙන ප්‍රා සංවිධානය හදල මුලු රටේම ප්‍රගතිශීලී තරුණ තරුණියන්ට එරෙහිව ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදයක් මෙහෙයවූයෙ රාජිත සේනාරත්න. ඒ ත්‍රස්ථවාදී මිනීමරු කල්ලියේ නායකය වෙච්ච ප්‍රා කල්ලියෙ නායකය වෙච්ච රාජිත සේනාරත්න තමයි අද මේ කටමැත දොඩවන්නෙ.”

“ඒ ප්‍රා සංවිධානය කියන්නෙ මේ රටේ තිබිච්ච ත්‍රස්ථවාදී සංවිධානයක්.ඒ ත්‍රස්ථවාදී සංවිධානයෙන් තැන් තැන් වල තරුණ තරුණියන් මරල තැන් තැන් වල මිනී දාලා තිබුණ. ඉතිහාසය අපිට මතකයි.”

“ඒනිසා එවැනි ත්‍රස්ථවාදී සංවිධානයක් මෙහෙයවපු රාජිත සේනාරත්නල අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම ඇත්තටම විහිළුවක්.ඔවුන් එදා ඉතිහාසයේ පවත්වගෙන ගිය නීති විරෝධී මිනි මරු ආයුධ සන්නද්ධ කණ්ඩායම් මෙහෙයවල අද අනිත් අයට ඇඟිල්ල දික් කරනව ත්‍රස්ථවාදීන් කියල.”

“මේ කටමැත දොඩවන මෙවැනි වාචාල කතා කියන රාජිතලට අනිවාර්යයෙන්ම මේ රටේ ඉතිහාසය විසින් මේ රටේ ජනතාව දඬුවම් දෙනව.මොකද ඔවුන්ගෙ අතීතය අපි කවුරුත් දන්නවා.රාජිතගෙ අතීතය අපි කාටවත් අමතක කරන්න බෑ. ප්‍රා සංවිධානය මෙහෙයවපු අතීතෙ. ඒ නිසා ත්‍රස්ථවාදී කල්ලියක් මෙහෙයවපු නායකයෙක්ගෙ චෝදනාවෙන් රාජිත සේනාරත්නට ගැලවෙන්න බැහැ.ප්‍රාජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ මර්ධනය කරන්න එදා මෙහෙයවපු ඒවායෙ ප්‍රතිඵල තමයි සිවිල් යුද්ධ දක්වා මේ රට තල්ලු වුනේ.ඒ නිසා ඒවට වගකිව යුතු කෙනෙක් තමයි රාජිත සේනාරත්න.එවැනි කෙනෙක් අදත් වෙන අයට ඇඟිල්ල දික් කිරීම ඇත්තටම හාස්‍ය ජනකයි විහිළු ජනකයි.”

“කැබිනට් ප්‍රකාශකයෙක් අද කරන ප්‍රකාශන. අද කරන කතා. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ යුක්තිය සාධාරණත්වය අයුක්තිය අසාධාරණත්වයට එරෙහිව කටයුතු කරපු දේශපාලන පක්ෂයක්. ඒක අදත් එහෙමයි.කිසිසේත්ම එල්.ටී.ටී.ඊ.සංවිධානය වගේ රට බෙදන්න රට කඩන්න මැදිහත් වෙච්ච සංවිධානයක් නෙවෙයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව සාධාරණත්වය වෙනුවෙන් දේශපාලනය කරපු පක්ෂයක්. එවැනි ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරපු පක්ෂයක් තමයි එදා තහනම් කළේ. ප්‍රා සංවිධානය යොදවල අපිව මර්ධනය කරන්න ඔය රාජිතල උත්සාහ කළේ.”

“අපි ඔවුන්ට මතක් කරනව එල්.ටී.ටී.ඊ. සංවිධානය බෙදුම්වාදී ෆැසිස්ට්වාදී සංවිධානයක්. ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ජාතිවාදය වෙනුවට ජාතික සමගිය ගොඩනැගීමට වෙර දරන දේශපාලන පක්ෂයක්.”

Related posts

මහ බැංකුවෙන් අලුත් චක්‍රලේඛයක්

colombotoday

“එළිය“ අතහැර දයාන් මෛත්‍රී සමීපයට… රුසියාවේ තානාපති ධුරයට ?

colombotoday

අන්තර්ජාලය තුල ක්‍රියාකරන අන්තවාදී බෞද්ධයන්ට දඩුවම් කරන්න – මුස්ලිම් කවුන්සිලය අගමැතිගෙන් ඉල්ලයි

colombotoday

පවුල් නීති පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය.

colombotoday

කොළඹ ලෝකෙන්ම අංක එකට එයි

colombotoday

කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

colombotoday