Colombo Today Local Newsfeatured

පල්ලියේ බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනපති මෛත්‍රීගේ මාධ්‍ය අධ්‍යක්ෂ ඕෂල හේරත් ගේ පියායි.

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කල ඕෂල හේරත් ගේ පියා බව වාර්තා වෙනවා.

ඕෂධ හේරත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පසුගිය මහමැතිවරණයේ දී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය.

පිළියන්දල නිවසේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී පිස්තෝල හතරක්, රිවෝල්වරයක්, කඩු දෙකක්, රම්බෝ පිහියක් සහ හදුණාගත නොහැකි ගිනිඅවියක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

බෝම්බ තැබීමේ සිද්ධියට ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඕෂල හේරත් ගේ පියා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.

අනතුරුව පිළියන්දල ප්‍රදේශයේදී පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

දළදා හිමිට අපහාස කළ තැනැත්තාට උපරිම දඬුවම් දෙනවා – අධිකරණ ඇමති කියයි

Admin

නාගදීප බුද්ධ ප්‍රතිමාව එපා කියන යෝජනාව උතුරු සභාවට ඉදිරිපත් කෙරේ

colombotoday

ගෝඨාගෙන් අගරඳගුරුතුමන්ට සහතිකයක්

colombotoday

තොරතුරු සගවන, තොරතුරු දැනගැනීමේ පනතේ ඇත්ත ඇති සැටියෙන් මෙන්න

colombotoday

රවීට නඩු වැටෙයි ?

colombotoday

ආයතන සීයකින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 3000ක බදු පොල්ලක්

colombotoday