Colombo Today Local News

“එක රටක්-එක නීතියක්” සාක්ෂාත් කරගැනීමට, ඇමතිවරුන් වන ජී.එල් පීරිස්, සරත් වීරසේකර සහ අලි සබ්‍රි ගේ සහාය.

“එක් රටක්-එක් නීතියක්” සංකල්පය සාක්ෂාත් කර ගැනීමට ජනාධිපති කාර්‍ය සාධක බලකාය විසින් ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කරනු ලබන සංකල්ප පත්‍රිකාවේ යෝජනා සලකා බලා ජනාධිපතිතුමන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීමට තම සහාය ලබාදෙන බව අමාත්‍යවරු පවසති.

“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පසුගියදා අධිකරණ ඇමති අලි සබ්‍රි, විදේශ ඇමති මහාචාර්ය ජී. එල්. පීරිස්, මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර යන මහත්වරු හමුවී බලකායේ පසුගිය හා ඉදිරි වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කළ අතර එහිදී එම අමාත්‍යවරු මේ බව සඳහන් කළහ.

ජාතීන් හෝ ආගමික කණ්ඩායම් වශයෙන් කිසියම් හෝ ජනවර්ගයකට වෙනයම් ආකාරයකට සැලකීම නොකළ යුතු බව සඳහන් කළ ජනාධිපති කාර්‍ය සාධක බලකාය විසින් අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි “එක රටක් එක නීතියක්” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම විස්තර කළහ. මෙතෙක් රට පුරා කළ අදහස් විමසීම් හා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සාක්ෂි ලබාගැනීම සිදු කළ අයුරු සම්බන්ධයෙන් දඅමාත්‍යවරුන් තිදෙනා දැනුවත් කළේය.

අධිකරණ ක්ෂේත්‍රයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාන්විතය කඩිනම් කරලීම සඳහා ආරම්භ කර ඇති ඩිජිටල්කරණ වැඩපිළිවෙළ, නව අධිකරණ පද්ධති, අධිකරණ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද නව අණ පනත් පිළිබඳ වැඩිදුර විස්තර අධිකරණ අමාත්‍ය අලී සබ්‍රි මහතා කාර්‍ය සාධක බලකායට ඉදිරිපත් කළේය.

තවද වකුෆ් සභාවේ සභාපතිවරයා ද අලි සබ්‍රි මහතාගේ ආරාධනයෙන් මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර වකුෆ් සභාව ආශ්‍රිතව කාර්‍ය සාධක බලකාය වෙත මහජනතාවගෙන් යොමු වූ ගැටලු කිහිපයක්ද සාකච්ඡාවට ලක් කෙරිණ.

විදේශ අමාත්‍යාංශයේ පැවති හමුවේ දී අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා රජයේ විදේශ ප්‍රතිපත්ති සහ ඉදිරියේදී රජය වෙනුවෙන් ජාත්‍යන්තරයේදී නියෝජනය කිරීමට නියමිත සමුලු පිළිබඳ අදහස් දැක්වූ අතර “එක රටක්එක නීතියක්” සාක්ෂාත් කර ගැනීමට ජනාධිපති කාර්‍ය සාධක බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා සඳහාද වැදගත් වනු ඇති බව ප්‍රකාශ කළේය.

බෙදුම්වාදය පරාජය කොට ශ්‍රී ලංකාව එක් රටක් ලෙස එක්සේසත් කර ඇති බැවින්, නැවත එබඳු තත්ත්වයක් ඇති වීමට කිසියම් හෝ හේතු සාධක පැනනගින්නේ නම් එවැනි සිද්ධි මර්දනය කිරීමේ වැදගත්කම මහජන ආරක්ෂක අමාත්‍යාවරයාගේ හමුවේදී සාකච්ඡා කෙරුණි.

මහජනයාගේ ආරක්ෂාව උදෙසා අමාත්‍යාංශය විසින් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ කාර්‍ය සාධක බලකාය දැනුවත් කෙරුණු අතර තම බලකායට ඉදිරිපත් වී ඇති මහජන ආරක්ෂාව සම්බන්ධ ගැටලු පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතාදැනුවත් කරන ලදී.

“එක රටක් එක නීතියක්” යන අවශ්‍යතාව මතු වන්නේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් නිසා යැයි පැවසූ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා, රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා එක නීතියක් රට තුළ පැවතීමේ වැදගත්කමද අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව දරන අදහස් සහ මතවාද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රට තුළ එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය ශ්‍රී ලංකාවේ විවිධ පළාත් ආවරණය කරමින් අදහස් හා යෝජනා ලබාගනිමින් සිටී.

තවද කාර්ය සාධක බලකාය අමතා වේලාව වෙන් කර ගත් විවිධ සංවිධාන හා ඒවායේ නියෝජිතයන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි කාර්යාලයට පැමිණ අදහස් දැක්වීම කළහ.

Related posts

කොළඹින් පිටමං කෙරූ ජාලිය යලි කොළඹට කැඳවයි

colombotoday

හිටපු ජනපති MKDSගේ අවමගුලේදී මාධ්‍යවේදීන්ට පාඩමක් කියා දෙයි!

colombotoday

අයිස් කිලෝවක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

කිරිඇල්ලගේ, කබීර් හෂීම්ගේ දුම්බර වන කොල්ලයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි

colombotoday

උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව තුන්වෙනි ස්ථානයට

colombotoday

හෙට විදුලි කප්පාදුව පැය 7 පන්නයි

colombotoday