Colombo Today Local News

තමන්ගේ ලිස්ට් එකට එන්නත් දෙන්න යකා නැටූ මොරටු නගරාධිපති පොලීසිය පැමිණ පන්නා දමයි.

සෞඛ්‍ය බලධාරීන්ගේ රාජකාරියට බාදා කරමින් තමන්ගේ ලිස්ට් එකකට එන්නත් දෙන්න හැදු මොරටු නගරාධිපතිව පන්නා දැමීමට පොලීසිය කටයුතු කර ඇත.

තමන් විසින් ටෝකන් නිකුත් කළ අයට පමණක් එන්නත ලබා දිය යුතු බව මොරටු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමත් සමඟ අද(27) පෙරවරුවේ මොරටුවේදී නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති විය.

ඊට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය දැඩි විරෝධයක් දැක්වූ අතර තමාට අවශ්‍ය අයට පමණක් එන්නත ලබා නොදෙන්නේනම් එන්නත් කිරීම සිදුකිරීමට අවස්ථාව ලබා දිය නොහැකි බව පවසමින් නගරාධිපති තර්ජනාත්මක ආකාරයෙන් හැසිරිණි.

එහිදී මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය පොලිසිය කැඳවු අතර පොලීසිය නගරාධිපතිව දොට්ට දමා එන්නත්කරණයට අවශ්‍ය වාතාවරණය සාදා දෙන ලදි.

Related posts

වැලිසර නාවික හමුදා කඳවුර අද සිට විවෘත කෙරේ

colombotoday

පී.සී.ආර් 14කින් 12ක් පොසිටිව්

colombotoday

මිලියන 37,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

colombotoday

වෙද වැඩවර්ජනයේ වේදනාවත් රෝගීන්ට… සැත්කම් 60,000ක් නැවතිලා

colombotoday

චන්ද්‍රිකා එජාපයෙන් යලි දේශපාලනයට…

colombotoday

“පුනර්ජනනීය බලශක්තිය” විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කිරීමේ හැකියාව ජනපති සොයා බලයි…

colombotoday