Colombo Today Local News

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්නයි

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම අද (27) දින වන විට පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පවසයි.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශ දෙකට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ සහ මස්කෙලියඔයේ ජල ධාරිතාව පිටාර මට්ටමට පැමිණීමත් සමග එම ජලාශ දෙකේ ජල ධාරිතාව ඉහල ගොස් ඇති බවයි සඳහන් වේ.

ජලාශ දෙකේ ජල ධාරිතාව ඉහල යාමත් සමග කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන,පොල්පිටිය සහ විමසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවද විදුලි බලාගාර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කරයි.

Related posts

වයස අවුරුදු 35 ට අඩු පුද්ගලයින්ට ත්‍රිරෝද රථ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම නවති

colombotoday

දිය නැමට ගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරියා මිය යයි

Admin

රුවන්වැල්ලේ ඝාතනයක්

Admin

ෆාතිමා බණ්ඩාරගම පොලීසියට කළ පැමිණිල්ල ගැන විමර්ශන අරඹයි

colombotoday

“කෝටි 800 ක් වටින නිවසක් ශ්‍රී ලංකාවේ නැ.. මඩ ගැසීම ගැන කනගාටුයි”

colombotoday

කැබිනට් මණ්ඩලය මැයි දිනය කල් දමයි

colombotoday