Colombo Today Local News

මොරගහහේන වෙඩි තැබීමේ සැකකරු පොලිස් වෙඩි පහරින් මියයයි

පාදුක්ක ප්‍රදේශයේ මාර්ග බාධකයකදී පොලීසිය කළ වෙඩි තැබීමකින් සැකකරුවෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, ආරක්ෂක අංශයේ රාජකාරියේ නියුතු 33 හැවිරිදි ඊයේ මොරගහහේන ප්‍රදේශයේ වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු බවට සැකකෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිසිය එක්ව අද අලුයම ප්‍රදේශයේදී මාර්ග බාධයක් යොදා රථ වාහන පරීක්ෂා කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ , යතුරු පැදියක් පැමිණි පුද්ගලයෙකු පරීක්ෂාවට ලක්කිරීමේදී ඔහු පොලිසියට දෙසට වෙඩි තැබීමට උත්සාහ කර ඇති බවයි.

එහිදී පොලිසිය කළ වෙඩි තැබීමකින් අදාළ පුද්ගලයා මියගොස් තිබේ.

ඔහුගේ මළ සිරුර පාදුක්ක රෝහලේ තැන්පත් කර තිබේ

Related posts

ශ්‍රීලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් බිලියනයක වන්දි ඉල්ලයි

colombotoday

“මල්ලී.. මම විශ්වාස කරපු කෙනා තමයි ආප්ප කාල පැන්නේ” හිටපු ජනපති ගල්ගමුවේදී

colombotoday

රාජිත ට සිතාසි

colombotoday

අසාද් සාලිට එරෙහිව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

“ගිය ආණ්ඩුවෙන් රිලව්, හරක් ඔක්කොම පොළොන්නරුවට පැන්නුවා” – ජනපති

colombotoday

දකුණු මුහුදේ දී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි

colombotoday