Colombo Today Local News

මුහුණු ආවරණ අවිධිමත් ලෙස බැහැර කලොත් අත්අඩංගුවට

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පළදින මුහුණු ආවරණ (Face Mask) පාවිච්චි කිරීමෙන් අනතුරුව පරිසරයට මුදාහරින පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස පරිසර පොලිසියට උපදෙස් ලබා දී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම මුහුණු ආවරණ (Face Mask) නිසි ක්‍රමවේදයෙන් තොරව පරිසරයට මුදා හැරීම නිසා මහත් ව්‍යසනකාරී තත්වයකට මුහුණ දී ඇති බවත් මෙය පාලනය කිරීම සඳහා කිහිප අවස්ථාවකදීම මධ්‍යම පරිසර අධිකාරිය සමග සාකච්ඡා කර ඇති බවත් එහි අවසාන විසදුම ලෙස එම කාර්ය පාලනය කිරීම පරිසර පොලිසියට ලබා දුන් බව අමාත්‍යවරයා පවසයි.

මෙලෙස නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරයට මුදාහරින මුහුණු ආවරණ (Face Mask) සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට බලයක් නොමැති අතර එය පාලනය කිරීම මහජතවගේ වගකීමක් හා යුතුකමක් සේ සලකා ක්‍රියා කිරීම ජනතාව සතු බව ඔහු පවසයි.

මුහුණු ආවරණ (Face Mask) පරිසරයට මුදාහැරිම සම්බන්ධව පාලනය කිරීමේ වගකීමක් ඊට අදාල පළාත් පාලන ආයතනවලට පැවරී ඇති බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඔවුන් සතුවද පවතින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසිය.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ප්‍රකාශ කළේ මෙලෙස අවිධිමත් ලෙස පරිසරයට මුදාහරින මුහුණු ආවරණ (Face Mask) ප්‍රමාණය දිනකට මිලියන 10-12ත් අතර ප්‍රමාණයක් බවත් එය පරිසර පද්ධතියට මහත් ගැටළුසහගත තත්වයක් බවයි.

මෙලෙස පරිසරයට මුදාහරින මුහුණු ආවරණයන්හි (Face Mask) ප්ලාස්ටික් සම්බන්ධ කොටසක් ඇති බැවින් ඒවා ප්‍රතිෂකතිකරණය කිරීමට නම් නිසි ක්‍රමවේදයක් අදාළ පළාත් පාලන ආයතන විසින් සකස් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

මේ වනවිට අවිධිමත් ලෙස බැහැර කර ඇති මුහුණු ආවරණ (Face Mask) නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශයන්හි මාර්ග දෙපස,කාණු තුළ,සහ ඇළ මර්ගයන්හි දක්නට ඇති බැවින් කොවිඩ් වසංගතය මෙමගින්ද ව්‍යාප්තවීමේ හැකියාවක් පවතී.

එහෙත් පාලනය කිරීමට මෙන්ම පරිසරය රැකගැනීම මහජනතාවගේ සහයෝගය අවශ්‍ය බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා අවධාරණය කරයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දාර්ශනි ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළේ මහජනයා විසින් නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරයට බැහැර කෙරෙන  මුහුණු ආවරණ (Face Mask) ඇළ මාර්ග හරහා සමුද්‍රීය පද්ධතිය එක්වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බැවින් ඒ පිළිබඳව තම අධිකාරිය අවදානයකින් යුතුව කටයුතු කරන බවයි.

මෙම තත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් මතුවිය හැකි බැවින් සමුද්‍රීය සාගරය ආරක්ෂා කිරීම සඳහා මුහුදට එකතුවන මුහුණු ආවරණ (Face Mask) ප්‍රතිශක්තිකරණය කිරීම සඳහා පෞද්ගලික ආයතනයක් සමග ගිවිසුම්ගත වීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ වනවිට කටයුතු කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දාර්ශනි ලහඳපුර මහත්මිය පවසයි.

(ඉන්දික ශ්‍රී අරවින්ද)

Related posts

පොලිස් වෙඩිල්ලක් පාසල් සිසුවකුගේ හිසට

Admin

සීනි බද්දේ වාසිය විල්මා සමාගමේ සජාඩ් මවුසාන්ට. | භාණ්ඩාගාරයට එන්න තිබ්බ කොටි 1000ක් අහිමි වෙලා.

colombotoday

විදෙස්ගත දේශප්‍රේමීන් කොටි හිතවාදීන්ට රිදෙන්න දෙයි.. කොටින්ට කඩේගිය තමිල්නාඩුවේ වයිකෝ අසරණ වෙයි !

colombotoday

2020 රටේ නායකත්වයට වැඩි කැමැත්ත ගෝඨාභයටයි.. කොළඹ විශ්වවිද්‍යාලයේ නවතම සමීකෂණය හෙළිකරයි

colombotoday

අයියනාර් පුරම් සහ බැරිස්ටර් නෙයින මරික්කාර්ගම ජනතා අයිතියට

colombotoday

තවත් බුද්ධි අංශ විරුවෙකුගේ දෑතට මාංචු

colombotoday