Colombo Today Local News

ගිය මාස අටට මාස්ක් කෝටි 13යි. මේ මාස දෙකටත් කෝටි 13ක් ගේන්න අවසර අරන්

නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී මුව ආවරණ කෝටි දහතුනක් මෙරටට ආනයනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ආනයනකරුවන් බලපත්‍ර ලබා ගෙන තිබේ.

ආනයනකරුවන්ගේ ලේඛන සහ මුව අවාරණ ප්‍රමාණයද ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආනයන අපනයන පාලකවරයා වෙතද යොමු කර තිබේ. මෙහිදී සායනික නොවන කේ.එන්. 95 වර්ගයේ මුව ආවරණ ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා ගෙන තිබේ. එහෙත් කොවිඩ් – 19 වයිරසය ආරම්භ වූ මාර්තු මස සිට ඔක්තෝබර් මාසය දක්වා පමණක් මුව ආවරණ කෝටි දහතුනක් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගු වාර්තාවල සඳහන් වෙයි.

කෙසේ වෙතත් ආනයනකරුවන් ප්‍රමිතියෙන් තොර මුව ආවරණ චීනය, හොංකොං ඇතුළු රටවලින් ආනයනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියද හඳුනාගෙන ඇති අතර ඒ පිටුපස ජාවාරමක් ක්‍රියාත්මක බවටද සැක පහළ වී තිබේ.

සාමාන්‍ය ජනතාවගේ දෛනික භාවිතය සඳහා සායනික මුහුණු ආවරණ සෞඛ්‍යාරක්ෂිත බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා ප්‍රකාශ කරයි.

එම නිසා මුව ආවරණ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පුවත්පත් දැන්වීමක් ඉදිරියේදී පළකරන බවද ඔහු පැවැසීය. මුව ආවරණ මිල පාලනය කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළද මෙතෙක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඊට අත්සන් කර නැත. කෙසේ වෙතත් ආනයනකරුවන් වැඩි වීමනිසා කේ.එන්. 95 වර්ගයේ මුව ආවරණ තොග මිල රුපියල් 65 දක්වාද අඩු වී තිබේ.

මේ අතර පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල දෛනිකව ඉවත ලන සායනික අපද්‍රව්‍යයක් වන මුව ආවරණ විනාශ කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් පළාත් පාලන ආයතන 341ක නොමැති බව පරිසර අමාත්‍යාංශය හඳුනා ගෙන තිබේ.

දෛනිකව මුව ආවරණ මිලියන හයක් පමණ ඉවත ලන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබුණි. එම මුව අවාරණ එකතු කිරීම හා විනාශ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය මාර්ගෝපදේශ මාලාවක් පළාත් පාලන ආයතනවලට ලබා දී තිබේ. සෞඛ්‍ය ආයතනවල එකතු වන සායනික අපද්‍රව්‍යද පෞද්ගලික ආයතන මගින් විනාශ කරයි. එහෙත් බස්නාහිර පළාතේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ප්‍රකාශ කරන්නේ නිරෝධායනයට ලක් වන පුද්ගලයන් නිවාසවල භාවිත කරන මුව ආවරණ සහ අනෙකුත් ද්‍රව්‍ය පළාත් පාලන ආයතනවල ආදාහනාගාරවලදී විනාශ කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි. දින තුනකට වරක් එම අපද්‍රව්‍ය පළාත් පාලන ආයතනවලට ලබා දිය හැකි බව එහි අධ්‍යක්ෂ නලීන් මානප්පෙරුම පැවැසුවේය.

Related posts

කූට ලේඛණ සකසා මුදල් වංචා කළ දෙදෙනෙක් මාට්ටු !

colombotoday

ආදුරුප්පුවීදිය සිරමැදිරියේදී විශ කිරි පැකට්ටුව දීමත්, ජින්තුපිටියේ වෙඩි තැබීමත් හා කොළඹ- මෝදර වීදිය ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිදුවීමත් එකම ආරවුලක ප්‍රතිපලයක් – පොලීසියට සැකයක්

Admin

විශ්වාසභංගයෙන් අගමැති හිරවෙද්දී, විධායක ජනපති ධුරය අහෝසියට ජවිපෙ 20 සංශෝධනය ගෙනෙයි

colombotoday

පොලිස් වසම් හා තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ගිං-නිල්වලා ගංගාවල ජලය ජනතාවට අහිමි කර චීන සමාගම් වලට ලබා දිමේ සැලසුමක්…

colombotoday

ටික්ටොක්, Facebook ඇවිත් පොලිසියේ කීර්තියට හානි කරන නිලධාරීන්ට දැඩි දඬුවම්

colombotoday