Colombo Today Local News

නත්තල සැමරීමට කාදිනල්ගෙන් විශේෂ උපදෙස්

ආගමික පිළිවෙත්වලට පමණක් මුල්තැන දෙමින් මෙවර නත්තල් උත්සවය සැමරීමට පියවර ගන්නා ලෙස අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අද (17)දින පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් එතුමා කියා සිටියේ කොවිඩ් -19 වසංගත තත්ත්වයේ අවධානම හේතුවෙන් මෙවර නත්තල නිවසේ සාමාජිකයින් සමග සැමරීමට පියවර ගතයුතු බවය.

“මේ ළඟ එන නත්තල සම්බන්ධයෙනුත් අපි අනෙක් ජනතාව වගේ කැපවීමෙන් කටයුතු කළ යුතුයි. විශේෂයෙන් බස්නාහිර පළාතේ කොවිඩ් තත්ත්වය ඉතා නරක අතර හැරිලා තියෙන නිසා සෙසු පළාත්වලට ද පැතිරයෑමේ තර්ජනය පැහැදිළිවම පෙනෙන්නට තියෙනවා. ඒ නිසා වෙනදා මෙන් නත්තල සැමරීමට විවිධ දේ කිරීමට අපිට ඉඩකඩ නෑ. මේ අවුරුද්දේ අපි ආගමික පිළිවෙත්වලට විතරයි මුල්තැන දෙන්නේ. ඒ් අනුව මම ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා කොළඹට ඇතුළුවෙන එක, කොළඹ සිට වෙන පළාත්වලට යන එක හැකිතාක් දුරට සීමාකරන්න. නෑදෑයන් බලන්නයන එක මේ අවුරුද්දේ නොකර ඉන්න උත්සහ කරන්න. විනෝද ගමන්, පිරිස් ඒකතු වී සාද පැවැත්වීම කරන්න ඒපා. පවුලක් ලෙස ගෙදර අයත් සමග අර්ථවත් නත්තල් මංගල්‍යයක් ගත කරන්න,” යනුවෙන් ද අගරදගුරු තුමා පෙන්වා දුන්නේය.

Related posts

“මගේ ගමන නවත්වන්න කොටින්ට බෑ” කොටි කුලප්පුවට මහින්දගෙන් සිනාමුසු ප්‍රතිචාර

colombotoday

ඡන්ද විමසීමේ කාලය පැයකින් දිර්ඝ කෙරේ

colombotoday

සීඅයිඩීය පර්පචුවල් ප්‍රධාන කාර්යාලය වටලයි – බැඳුම්කරයේ රහස්‌ ලිපි රැසක්‌ සොයා ගනී

colombotoday

LP ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

හිටපු ඇමැ ජයවික්‍රම පෙරේරාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අත්අඩංගුවට

colombotoday

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 997කට වැඩ වරදී

colombotoday