Colombo Today Local News

මහින්ද අධිකරණයට

බැඳුම්කර ගැසට්‌ පත්‍රයට තමාගේ නම හොරෙන් ඇතුළත් කිරීමේ සිද්ධිය පිළිබඳව හැකිනම් නඩු පවරන ලෙස මුදල් ඇමැති රවී කරුණානායක මහතා කරන අභියෝගය ඉතාමත් සතුටින් භාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (28දා) පැවැසීය.

බැඳුම්කර ගැසට්‌ පත්‍රය සිය නම හොරට යොදා ගැනීම පිළිබඳ තමාට පමණක්‌ නොව මුළුරටේම ජනතාවට නීතිය හමුවට යා හැකි බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ඊට හේතුව මුදල් ප්‍රශ්න පොදුවේ සියලු ජනතාවට බලපාන නිසා බවද කීය.

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අද මෙම ප්‍රශ්න මුළු රටේම ආන්දෝලනයට ලක්‌වෙනවා දියතලාවේ සිට අද හෙටම කොළඹ පැමිණි විගස මේ පිළිබඳව නීතිඥවරුන් සමඟ සාකච්ඡා කරනවා. මෙම ප්‍රශ්නය පිළිබඳව නීතිය හමුවට යන ලෙසට අභියෝග කර ඵලක්‌ නැහැ. මම එම අභියෝගය ඉතාමත් සතුටින් භාරගන්නවා.

Related posts

සැප පහසු බව මදිලු…. පාර්ලිමේන්තුවට පුටු 232ක් අලුතින් ගැනීමට යෝජනාවක්….

colombotoday

බැදුම්කර කොල්ලයට නොදෙවෙනි හොරකමක් – විජයදාස හෙළිකරයි

colombotoday

කැලණිතිස්සට ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක්

colombotoday

ජිනීවා සැසියේ කොටි පිණුම් ගසති.. රජයේ නියෝජිතයෝ “සෙල්ෆි” කෙළිති.. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය තනිව සටනේ !

colombotoday

බලය බෙදන්න තිබුණේ 1948 නිදහස ලැබෙනකොටයි… අපේ ස්ථාවරය බලය බෙදීමයි…

colombotoday

ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන චීනයෙන් ප්‍රකාශයක්….

colombotoday