Colombo Today Local News

හෙලිකොප්ටර් දුන්නේ කවුද? හිටපු ජනපති හෙළි කරයි

2015 ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමට පෙර තමා කොළඹින් පිටත්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු කියා සිටියේ ඒ වනවිටත් රටේ ජනාධිපතිවරයා තමන් බවයි. කොළඹ පිහිටි නිල නිවසේ පැවති වැඩසටහනකින් අනතුරුවයි හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කර තිබුණේ ,

  • “පැරදුනු මහින්දට රාජපක්ෂ මහත්තයලට හෙලිකොප්ටර් දුන්නේ මම නෙවෙයි” “ගුවන් හමුදාපති කියනවා, එතකොට එය දෙවෙනියා ජනාධිපතිතුමා කිව්වයි කියලා අහවලා කිව්වා කියලා. මම මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ”

යනුවෙන්.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ

” මම දන්නා තරමට මම රටේ ජනාධිපති වෙලා ඉද්දි තමයි ගියේ. මම කොළඹින් ගියේ ප්‍රතිඵල නිකුත් වෙන්න ඉස්සර වෙලා. මගේ ආරක්ෂක අංශ ප්‍රධානියා පොළොන්නරුවේ එක්කෙනෙක්. වික්‍රමසිංහ මහත්තයා. එයා කෙලින්ම එතනට ගියා. “

Related posts

රන්ජන් රාමනායක සහ ඉන්දික අනුරුද්ධ ගුටි කෙලියක් අනූ නමයෙන් නවතී

colombotoday

විජයදාස අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Admin

ජාතික සභාව පිහිටුවීම ගැන යෝජනාව අද පාර්ලිමේන්තුවේ විවාදයට

colombotoday

ආණ්ඩුව පෙරලන්න පිල් දෙකකින් මෙහෙයුමක්… පක්ෂ නායක රහස් හමුවක්… පිල් මාරුවකුත් සූදානම්

colombotoday

ඉන්දියාවට එරෙහි කිසිදු තර්ජනයකට ශ්‍රී ලංකාව පාදක කර ගැනීමට ඉඩ දෙන්නෙ නෑ – ජනපති රනිල් විදෙස් මාධ්‍යට කියයි

Admin

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයා හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday