Colombo Today Local News

Lanka Change Makers ශ්‍රී ලංකාවේ සයිබර් නීතිය වෙනස් කරයිද?

Lanka Change Makers සමූහය මේ වන විට සයිබර් අවකාශයේ ශ්‍රී ලාංකීය පුරවැසියන් මුහුණ දෙන ප්‍රධානතම ගැටළුවක් වන Cyber Haressment , Cyber Bulling සහ illegal Online Stalking වැනි සමාජීය සංවේදී කරණු වලට විසදුමක් ලෙස ” Cyber Dicsipline ” නමින් වැඩසටහනක් නිර්මාණය කර තිබේ.

ඊයේ (දෙසැ.06) දින “Lanka Change Makers” සමූහය පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සදහන් කළේය.

ශ්‍රී ලාංකීය දරු පරපුරට cyber අවකාශය පිලිබදව සහ ඒ හා බැදුණු උපාංග පිලිබදව මූලික දැනුම ලබා දීම උදෙසා ජාතික අධ්‍යාපනයේ විෂය නිර්දේශය තුලට Cyber Discipline පිලිබදව ඇතුලත් කිරීමට මෙම සමූහය කටයුතු සිදු කරමින් පවතින බව ඔවුන් පවසයි.

Cyber Discipline සම්බන්ධව සමාජය දැනුවත් කිරීම සදහා මේ වන විට තනි තනිව හා කණ්ඩායම් ලෙස කටයුතු කරන පාර්ශව එක් කර ගනිමින් තිරසර ජාතික වැඩපිලිවෙලක් සකස් කරන බවත් මේ වන විට Cyber අවකාශය මූලික කර ගනිමින් සිදු වන විවිධ අව ක්‍රියා සම්බන්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ඒ හා බැදුනු පාර්ශව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවත් මෙම සමූහය සදහන් කර සිටී.

Cyber Discipline සම්බන්ධව විධිමත් නීති පද්ධතියක් මේ වන විට ශ්‍රී ලංකාවේ ස්ථාපිත නොවීම නිසා ඒ සම්බන්ධව කඩිනමින් නීති සකස් කිරීමට Lanaka Change Makers සමූහයේ මැදිහත් වීම පිලිබදවද ඔවුන් එහිදී පැවසීය.

Cyber අවකාශයේ සිදුවන අනීතික ක්‍රියාදාම හේතුවෙන් කලාකරුවන් ඇතුලු රටේ ජනප්‍රිය පාර්ශවයන්ට සිදුවන විවිධ ගැටළු සම්බන්ධව Lanka change Makers සමූහය ලෙස ඔවුන්ගේ මැදිහත් වීම හා යෝජනා හදුනවා දීමද එහිදී සිදු විය.

මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය තුල Cyber Discipline සම්බන්ධව යම් කතිකාවතක් ගොඩ නැංවීම සහ ප්‍රධාන මාධ්‍ය ධාරා තුල මැවැනි ප්‍රවෘත්ති පල වීමේදී වින්දිත පාර්ශවයන්ට අසාධාරණයක් නොවන පරිදි ඒවා පල කිරීම සම්බන්ධව Lanaka Change Makers සමූහයේ සැලසුම් ඉදිරිපත් කි‍රීම සහ මාධ්‍ය ශ්‍රේණිගත කිරීමේදී එවැනි නිවැරදි පල කීරීම් සම්බන්ධව යම් අගය එකතු කිරීමක් සදහා Lanka change Maker සමූහයේ මැදිහත් වීම පිලිබදව ඔවුන් සදහන් කළේය.

Cyber අවකාශයේ සිදුවන විවිධ අවක්‍රියා හේතුවෙන් අසාධාරණයට පත් වන පාර්ශව වෙනුවෙන් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට Lanaka Change Makers සමූහය මගින් ” Dear Bubble ” වැඩසටහනක් හදුන්වා දීමටද සූදානම් වෙයි.

එමෙන්ම Lanka Change Makers සමූහය මගින් මේ වන විට නව නීතී සම්පාදනය වෙනුවෙන් විවිධ පාර්ශව සමග සාකච්ඡා කරමින් හා සකස් කරමින් පවතින යෝජනාවලිය එලිදැක්වීම සහ ඒ පිලිබදව මෙම සියළු පාර්ශව වල අදහස් හා යෝජනාද ඉදිරිපත් කල හැකි සමුළුවක් නුදුරේදීම සංවිධානය කරන බව ඔවුන් පවසයි.

Lanka Change Makers සමූහය ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික සාමාජීය සංස්කෘතික ගැටළු වලදී විසදුම් නිර්මාණය කරමින් එම විසදුම් ක්‍රියාත්මක කරවීම වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායමකි.

මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා Lanka Change Makers සමූහයේ සාමාජිකයින් වන චතුර රාජපක්ෂ, මානෝහාරි හේවාවසම්, තුෂාරා සෙව්වන්දි විතාරණ, චමින්ද ගුණසිංහ යන අය සහභාගී විය.

Related posts

අද සිට අඩුවන භාණ්ඩ 15 මිළ ගණන් මෙන්න

colombotoday

වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයි – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

මන්ත්‍රී සාලින්ද දිසානායකගේ පුරප්පාඩුවට ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට

colombotoday

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

“තෙල් සේවකයන්ට ගහපු එක සාධාරණයි.. ඕව මොනවද, පොඩි කේස්නෙ” – නලින් බණ්ඩාර

colombotoday

බලශක්ති ක්ෂේත්‍රය අහිමි වීමේ අවදානමක්… සිපෙට්කෝ ඉන්ධනහල් විකිණෙයි

colombotoday