Covid 19

කොරෝනා හේතුවෙන් කුරුණෑගල පොලීසියේ ඒකකයක් වසා දමයි

බොරැල්ල පොලීසියේ සේවය කරන සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පොලිස් සැරයන්වරියක වන ඔහුගේ බිරිඳ සේවය කරන කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ඒකකයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇත.

මෙම තත්ත්වය මත එම ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් දස දෙනෙකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර සිටින බව කුරුණෑගල උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය. මීට අමතරව ආසාදිත පොලිස් සැරයන්වරයාගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන්ද ඔවුන්ගේ නිවෙස තුළම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවද එම නිලධාරියා පැවසීය.

මෙම ආසාදිත පොලිස් සැරයන්වරයා වාරියපොල හංහමුණ ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර පසුගිය 18 වන දින නිවසට පැමිණ ආපසු සේවා ස්ථානයට යාමෙන් පසුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවේ.

Related posts

පකිස්ථානයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවා යයි.

colombotoday

කොවිඩ් ආසාදිතයින් 311 ක්

colombotoday

එප්පාවල පෙම්වතියගේ නිවසට පැමිණි නාවික සෙබළාට කොවිඩ්

colombotoday

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 154ක් දක්වා ඉහළට

colombotoday

අටුළුගම ගිය කහවත්තෙ පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායනයට

colombotoday

තහවුරු කල කොවිඩ් මරණ 79ක්

colombotoday