Colombo Today Local NewsTop Stories

කිඹුලා ඇලට වැටුණු BMW I8 රියේ අයිතිකරු, කබීර්ගේ මස්සිනා පොහොට්ටුවේ මැයි රැලියෙන් මතුවෙයි

පසුගිය මාර්තු මස 17 වන දින අළුයම තලවතුගොඩ City Of London සමාජ ශාලාවේ සිට පැමිණ වේගය පාලනය කරගත නොහැකිව තලවතුගොඩ කිඹුලා ඇලට පෙරළිගොස් තිබුණු අධි සුඛෝපභෝගී BMW I8 රථයේ හිමිකරු වන ෆසීල් මොහොමඩ් හුසේන් නමැති පුද්ගලයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු මැයි රැලියේ, එම පක්ෂ ප්‍රබලයන් පිරිසක් සමග සිටින ඡායාරූපයක් සමාජ ජාලාවල හවුමාරු වෙමින් පවතී.

අමාත්‍ය කබීර් හෂීම්ගේ බිරිදගේ සොහොයුරා වන මොහු අදාල අනතුරු සිදුවන අවස්ථාවේ අධික බීමතින් සිටීම නිසා රථය පාලනය කරගත නොහැකිව ධාවනය වෙමින් තිබූ මෝටර් රථ දෙකක ගැටී කිඹුළා ඇලට පෙරළි තිබිණි. අනතුර සිදුවීමෙන් පසුව ඔහු එම ස්ථානයෙන් පලාගොස් තිබුණු අතර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුණේ රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු එම රථය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේනට අයත් එකක් බවයි.

පසුව නිවේදනයක් නිකුත් කරමින් අමත්‍ය කබීර් හෂීම් අදාළ මෝටර් රථය තම ඥාතියෙකුට අයත් එකක්යැයි පිළිගෙන තිබිණි. ෆාසිල් මෙහොමඩ් නමැත්තා දූෂිත බැදුම්කර ගනුදෙනුවේදී විශාල කාර්භාරයක් කළ පුද්ගලයෙකු බවටද චෝදනා එල්ලවී තිබිණි.

 

Related posts

“ආවා” කල්ලියේ “පොල්” පොලිස් අත්අඩංගුවට

colombotoday

තුන්වන දා කොළඹ වටලන්න අන්තරේ සූදානමක්!

colombotoday

පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය රැස්වේ.. දඹුලු ලෙන් විහාරය වසා දැමේ

colombotoday

මන්ත්‍රීන්ට කුලී වාහන සැපයීමේ තීරණය අත්හිටුවයි !

colombotoday

ශ‍්‍රී පාදයේ නම වෙනස් කිරීමට ප්‍රාදේශීය සභාවට බලයක් නෑ.. වහාම ඉවත් කිරීමට ආණ්ඩුකාරවරයාගෙන් නියෝග

colombotoday

අනුරාධපුර සමයට අයත් මඩකලපුවේ තිබූ විශාලම ස්තූපයත් ඩෝසර් කරලා?

colombotoday