Colombo Today Local News

ප්‍රභාකරන් සැමරීමට සියල්ල සූදානම්… යාපන විශ්වවිද්‍යාල පරිශ්‍රයේ යුද සැමරුම් ස්මාරක ඉදිවේ

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඇතුළු අංශ ගණනාවකින් විරෝධය පළවී ඇති ඉදිකිරීමක් සඳහා අවසර ලැබී නැතත් යාපනය විශ්වවිද්‍යාල භූමියේ ඉදිවන යුද සැමරුම් ස්මාරකය යළි ඉදිවන්නට පටන් ගෙන තිබේ.

මැයි මස 18 වැනිදා උතුරේ දෙමළ දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් යුද්ධයේදී මියගිය පිරිස සැමරීම පිණිස උත්සව සංවිධානය කරද්දී යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ද මේ ස්මාරකය අබියස සිට යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට තීරණය කොට තිබේ.

වවුනියාව විශ්වවිද්‍යාලයේ සිසුන් වෙසක් උත්සව සමයේදී වවුනියාව විශ්වවිද්‍යාල භූමියේ බුදු මැඳුරක් ඉදිකිරීමට ගිය අවස්ථාවේදී පාලන අධිකාරියත් එහි දෙමළ සිසුනුත් විරෝධය පළ කිරීම නිසා බුදුමැඳුර ඉදිකිරීමේ කටයුතු මුළුමනින්ම නතර කොට දැමීමට සිදුවිණි.

අවසානයේදී පාලන අධිකාරිය කියා සිටියේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගේ අවසරයක් ලබාගැනීමෙන් පසුව වවුනියාව විශ්වවිද්‍යාලයේ බුදු මැඳුරක් ඉදිකිරීමට අවසර ලබාදෙන බවයි. මේ අවස්ථාවේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් ඉදිකරමින් යන මේ යුද සැමරුම් ස්මාරකය පිළිබඳව තොරතුරු හෙළි වූ අතර ඒ සම්බන්ධයෙන් පැනනැඟුªණු විරෝධය මත ස්මාරකය ඉදිකිරීම නතරවී තිබිණි.

දෙමළ දේශපාලනඥයන් විසින් මැයි 18 වැනිදා යුද සැමරුම් උළෙල පැවැත්වීමට තීරණය කිරීමත් සමඟම යාපනය විශ්වවිද්‍යාලය භූමියේ යුද සැමරුම් ස්මාරකයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කොට ඇත.

Related posts

දුම්රිය ගාස්තුත් හොරෙන්ම වැඩි කරලා

colombotoday

මහනුවර, දිගන තවත් සුළු භූ චලන කිහිපයක්

colombotoday

ඇමති පියල් නිශාන්තගේ නිවසට පොලිස් රැකවල්

colombotoday

වගාවට එන සතුන් මරන්න අපිට බෑ-ගොවි සංවිධාන

Admin

ලබන වසරේදී රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් නැහැ

Admin

දර්ගා නගරය උණුසුම්.. PHI ලා කඩයක දමා හිරකරයි.. බේරාගන්න STF බළඇණියක් කැදවයි

colombotoday