Colombo Today Local News

බ්‍රිතාන්‍ය රාජකීයන් ඉදිරයේදී හැසිරෙන්නේ මෙහෙමයි.. සියලු රටවැසියන්ට නිවේදනය කරේ..!

බ්‍රිතාන්‍ය පාලනයෙන් ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 70වක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන නිදහස් සමරුවට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා රජයේ ආරාධනය පරිදි බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජණගේ කණිටු පුත් එඩ්වඩ් කුමරු මේ වන විට මෙරටට පැමිණ සිටී. නිදහස් සමරුව වෙනුවෙන් ඔහුට ආරාධනා කිරීම පිළිබදව විවිධ වාද විවාද මතුව තිබියදී අපූරු නිවේදනයක් සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතී.

“බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිගැනීමේ කමිටුව“ නමින් වන එම නිවේදනයෙන්, මෙරටට පැමිණෙන බ්‍රිතාන්‍ය රජ පවුලේ උදවිය ඉදිරියේ ආචාර, සමාචාර, පැවැත්විය යුතු පිලිවෙල මෙරට සියළුම රටවැසියන්ගේ දැනුවත්වීම උදෙසා නිවේදනය කරන්නේ යැයි දැක්වේ.

මෙම නිවේදනයේ සත්‍යතාවය කෙසේ වුවත්, වත්මන් පාලකයන්ගේ හා නිලධාරී පැලැන්තියේ නිවට ක්‍රියාකලාපය අනුව මෙවැනි දේවල්ද සිදුනොවීමටද ඉඩක් නොමැති බවට බොහෝ දෙනෙකු අදහස් පලකර ඇත්තේ “මතක තියාගනිල්ලා, සුද්දන් මේ රට දාල යන්නේ උන්වගේ කලුසුද්දො විසිතිස්දාහක් බෝකරාට පස්සෙයි. ඊට පස්සෙ මේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දො“ යන අනගාරික ධර්මපාලතුමන්ගේ පුරෝකථනයද සිහියට නංවමින්.

Related posts

පුතාගේ මරණයේ සැකකරුට පියාගෙන් ඇසිඩ් පහරක්

Admin

ක්‍රිකට් හොම්බෙන් යද්දී ලොක්කන්ට රථ ගාය වැළදේ.. කෝටි 10ක සුපිරි ජීප් රථ 08ක් ගෙන්වයි..

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1189 දක්වා ඉහලට

colombotoday

ඉක්මනින් රාජ්‍ය සේවය කප්පාදු කල යුතුයි ජනාධිපති උපදේශක

Admin

විදෙස්ගත දේශප්‍රේමීන් කොටි හිතවාදීන්ට රිදෙන්න දෙයි.. කොටින්ට කඩේගිය තමිල්නාඩුවේ වයිකෝ අසරණ වෙයි !

colombotoday

බේකරි නිෂ්පාදනවල මිලත් ඉහලට?

colombotoday